Fishy photobragging

මේ පුවත වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.
දැවැන්ත මෝරෙකුගේ කරමලෙන් එළියට දමා ඇති මිනිස් අතක් පිහියකින් මෝර ඔළුවට අනින අයුරු මින් දිස් වේ.
සාමාන්‍යයෙන් ක්‍රීඩාවක් ලෙස මසුන් බෑමේදී තමා විසින් ඇල්ලූ මත්ස්‍යයා සමග ඡායාරූපයකට පෙනී සිටීම සාමාන්‍යය දෙයකි.
මෙම ඡායාරූපයද එවැන්නක් වුවත් එය වෙනස් වන්නේ මෙම දැවැන්ත මෝරා ඇල්ලූ පුද්ගලයා ඡායාරූපයට පෙනී සිටින ආකාරයයි.
විහිළුවක් ලෙස බඩ පැලූ මෙම මෝරා තුළට රිංගූ මෙම මිනිසා, මෙම මත්ස්‍යයාගේ කරමලෙන් පිටතට අත දමා මෝරා ට
පිහියකින් අනින අයුරින් පෙනී සිටියි.
පිහියකින් අනින අයුරින් පෙනී සිටියි.
කෙසේ වෙතත්, මෙම ඡායාරූපය දුටු පමණින් හැඟෙන්නේ මෝරෙකු විසින් ගිලිනු ලැබූ මිනිසෙකු පිහියක ආධාරයෙන් මෝරාව කපාගෙන පිටතට පැමිණීමට දරන උත්සහයක් ලෙසයි.
මෙම ඡායාරූපය ගන්නා ස්ථානයේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙටුන් නම් හෝටලයක සේවකයෙකු සිටි බවත්, ඔහු විසින් මෙම ඡායාරූපය එම හෝටලයේ ප්‍රදර්ශනය කර එය මෙල්බර්න් හි උදෑසන ගුවන්විදුලි නිවේදකයෙකු ට පවා යවා ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙටුන් හෝටලයට පැමිණෙන අමුත්තන් මෙම ඡායාරූපය දැකීමෙන් මහත් විස්මයටත් කුතුහලයටත් පත් වන බව විදෙස් වාර්තා වල දැක්වේ.
No comments:
Post a Comment