
hirunewsකොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කොස්ගස් හංදිය ස්වර්ණ චෛත්‍ය පාරේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය හා කැරලි මර්දන අංශ එම ස්ථානයට යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය.
ඔවුන්ගේ සහයට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇතැයි අප වර්තාකරු පැවසීය.
මෙම ගැටුමින් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා
ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
අද පස්වරුවේ ඇතිවු මෙම නොසන්සුන් තත්වයෙන්, ස්වර්ණ චෛත්‍ය පාරේ ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුව තිබෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ මේ වනවිට නොසන්සුන් තත්ත්වය පාලනය කර ඇති බවය.
No comments:
Post a Comment