HIRU TV

Saturday, August 24, 2013

Those who broke in to Mandana's house identified

මන්දනාගේ නිවසට ඇතුළුවූවන් හදුනා ගනියි !

Those who broke in to Mandana's house identified

  
Mandana H 410px 24-08-13-2hirunewsශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති හා ද සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට අනවසරයෙන් ඇතුළුව සිටියදී පොලිස් වෙඩිපහරට ලක්ව මියගොස් ඇත්තේ කදිරප්පුලිගේ ඉන්දික සම්පත් කුමාරසිරි නැමැත්තෙකි.
අදාල මාධ්‍ය වේදිනයගේ අංක 09, ඩික්මන් පාර බම්බලපිටිය ලිපිනයේදී මෙම සැකකරු වෙඩිපහරට ලක්වූ අතර ඔහු  අංක 39, වෙරළුපිටිය - අවිස්සාවේල්ල ලිපිණයේ පදිංචි අයෙකි.
එසේම මේවන විට පොලිස් වෙඩිපහරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෙසු සැකකරුවන් සිවුදෙනා කහදමෝදර - හුංගම, ගැටහැත්ත - අවිස්සාවේල්ල, මාකොල පාර - කිරිබත්ගොඩ හා ලූනම - අම්බලන්තොට යන ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හදුනාගෙන ඇත.
මෙම සිද්ධියේදි තුවාල ලැබු පොලිස් නිළධාරින් 04
දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බවද පැවසේ.
කොල්ලකරුවන් විසින් මෙම අපරාධය සිදුකිරිමට පැමිණි ත‍්‍රිරෝද රථයද අපරාධය සිදුකිරිමට උපයෝගි කරගත් පිහියා 01, කුඩා මන්නා 01, ඉස්කුරුප්පු නියන හා ජීව අත් බෝම්බය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධව  කොළඹ අපරාධ කොට්ඨාශය හා බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

No comments:

Post a Comment