hirunewsහිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මියව අද (24) පැය 06කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්නකර තිබේ.
ඇය රහස් පොලිසියට ගොස් ඇත්තේ පෙරවරු 11.00ට වන අතර ඇය ඉන් එළියට පැමිණ ඇත්තේ පස්වරු 5.00ටය.
ගුණවර්ධන මහතා ළග තිබූ ජංගන දුරකථන
දෙකක් සම්බන්ධයෙන් ශාමලී මහත්මියගෙන් ප්‍රශ්නකර ඇති බවද පැවසේ.
එම දුරකථන ලබාදුන් පුද්ගලයන් හා ඒවාට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රශ්නකර ඇත.
ශාමලී මහත්මිය සමග නීතීඥයින් වන අනුර සෙනවිරත්න හා රසික සමරවික්‍රම යන මහත්වරුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබේ.
No comments:
Post a Comment