HIRU TV

Thursday, September 5, 2013

Dayasiri's millionaire released in Ramakele

දයාසිරිට ‘හමර්’ රිය දුන් ව්‍යාපාරිකයා අතුරුදන්

Dayasiri's millionaire released in Ramakele

 
DayasiriHammer 410px 13 09 05hirunewsදයාසිරි ජයසේකර මහතාට මැතිවරණ කටයුතු සඳහා ‘හමර් රථය’ ලබාදී තිබු, තිස්සමහාරාම කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන සරත් රත්නායක මහතා ඊයේ (04) රාත්‍රී සිට අතුරුදන් බව පවසා ඒ මහතාගේ බිරිඳවන ඩී.ඩබ්. දීපානී චන්ද්‍රිකා ‍මහත්මිය හොට්ටිපොළ පොලිස්සියට පැමිණිළි කොට තිබේ.
කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ඒ මහතා ප්‍රකට ‘රුවිණි ‍ෆාම්’ හිමිකරුවාද වෙයි.
ඊයේ (04) සවස වාරියපොළ පැවති ‘ජනපති ජනහමුව’ බලන්නට කියා ඒ මහතා තම පෞද්ගලික කැබ්රියෙන් නිවසින් පිටව ගොස් තිබේ. ඒ අතර මිතුරෙකුගේ නිවසට ඔහු ගොස් ඇති බවත් පස්වරු පහට ඔහු බිරිඳට දුරකතන ඇමතුමක් දුන් බවත් පැවසේ.
අවසන් වරට රාත්‍රී 8.30 ට පමණ ඒ මහතා බිරියට කතා
කොට විනාඩි පහකින් එන බවත් පැමිණ කෑම කමු කියාත් පවසා තිබේ. එහෙත් මේ වනතුරු ඒ මහතා නිවසට පැමිණ නැති බව කියමින් බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබේ.

No comments:

Post a Comment