
මෙලෙස පැහැරගැනීමට ලක්වී තිබෙන්නේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහේෂ්වරන් කාර්තික් නමැති 22 හැවිරිදි දෙමළ ජාතික තරුණයෙකි.
කහතුඩුව වෙනිවැල්කොළ ප්‍රදේශයේ පාළු නිවසකට දින කිහිපයක සිට රාත්‍රියට තරුණයන් කිහිප දෙනකු පැමිණෙන බවටත් පසුගිය 18 වැනිදා දහවල් ඔවුන් මුදල් ප්‍රමාණයක් රැගෙන එම නිවසට පැමිණ ඇති බවටත් පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී. ජනනාත් මහතා
කලක සිට කැනඩා යාමේ දැඩි උවමනාවක් මෙම තරුණයාට තිබි ඇති අතර ටික දිනකට පෙර කැනඩා යාම සඳහා අවශ්‍ය කටයුතු කරගැනීම සඳහා යාපනයේ සිට කොළඹට පැමිණ වැල්ලවත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැන්‍පොළක නැවති ඇත.

එම නවාතැන්‍පොළ ඉදිරිපට නවාතැන්‍පොළක සිටි පුද්ගලයෙකු ඔහු සමග මිතුරුව කැනඩා යාම සඳහා උදව් කරන බව පවසා ඇත. ඒ සඳහා ඒජන්සියක් හඳුන්වාදීම සඳහා යැයි පවසමින් මෙම තරුණයාව පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ යම් ස්ථානයකට රැගෙන ගොස් එහිදී හඳුන්වාදුන් පුද්ගලයන් දෙදෙනකු සමග නැවත ගල්කිස්ස ප්‍රදේශයට රැගෙන ගොස් යම් පානයක් ලබාදී ඇත.
ඉන්පසු සිදුවූ කිසිවක් තමන්ට මතක නැති බවත් සිහිය ලැබෙනවිට තමන් ඇඳක තබා ගැට ගසා සිටි බවත් පැහැර ගැනීමට ලක්වූ කාර්තික් පවසා ඇත.
මෙම තරුණයාගේ වැඩිමහල් සහෝදරයා වාලච්චේන පොලීසියේ කොස්තාපල්වරයෙක් ලෙස සේවය කරන අතර සහෝදරයා පැහැර ගැනීමකට ලක්ව ඇති බවට පොලීසියේ පැමිණිල්ලක්ද කර ඇත.
පැහැරගෙන සඟවාගෙන සිටි දවස් තුන තුළ කෑම ලබාදී තිබෙන්නේ තුන්වේලක සඳහා පමණක් බවද කාර්තික් පවසා ඇත.
මෙලෙස පැහැරගත් පසු සිය දෙමාපියන්ට දුරකථනයෙන් කතා කළ එක් සැකකරුවෙක් රුපියල් ලක්ෂ විස්සක් ඉල්ලා සිටි අතර පසුව දෙමාපියන් රුපියල් ලක්ෂ දෙකක් ලබාදීමට එකඟවූ බවත් එම මුදල් තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමකට දමන ලෙස දැන්වූ බවත් කාර්තික් පොලීසියට පවසා ඇත.
පොලීසිය පවසන පරිදි පැහැරගැනීමට ලක්වූ කාර්තික්ට අයත් බැංකු කාඩ්පත් රැගෙන ගොස් එම මුදල් ලබාගෙන ඇති බව පොලීසිය පවසයි. මුදල් ලබාදෙනතුරු තාර්තික්ට පහරදී ඇති බවත් එම පහරදීම් නිසා ලත් තුවාල ඇති බවත් පොලීසිය පවසයි.
එම පහරදීම් සඳහා යොදාගත් පොලු සහ ජීව උණ්ඩ හතරක් සහ බැංකුවෙන් ලබාගත් මුදලින් රුපියල් 45000ක මුදලක්ද සැකරුවන් සිටි නිවසේ තිබි හමුවූ බව කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනනාත් මහතා පැවැසුවේය.
No comments:
Post a Comment