HIRU TV

Tuesday, September 3, 2013

Mother of one rapes 15 year old boy

තරුණ මවක් පිරිමි දරුවකුට අතවර කරලා

Mother of one rapes 15 year old boy

 
Boy repe 410pxhirunewsඅම්බලන්තොට  දෙහිගහලන්ද ප්‍රදේශයේ 23 හැවිරිදි එක් දරු මවක් 15 හැවිරිදි පිරිමි දරුවකු ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට චෝදනා කරමින් දරුවාගේ මිත්තණිය අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.
සැකකාරිය අම්බලන්තොට පොලිසිය මඟින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර දූෂණයට පත් පිරිමි දරුවාගේ රහසඟ තුවාල වී තිබීමෙන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ආරක්ෂක සේවයට සම්බන්ධ ආයතනයක රැකියාව කරන සැකකාරියගේ පුරුෂයා රාත්‍රි සේවා මුරය සඳහා පිටව යෑමෙන් පසු ඔවුන්ගේ නිවෙස අසල නිවෙසක සිටින මෙම පිරිමි දරුවා සැකකාරියගේ තනියට එම නිවෙසේ රැය ගත කිරීම කලක් තිස්සේ සිදු
වී තිබේ.

පසුගිය 27 වැනිදා රාත්‍රි එසේ රැය ගතකොට උදේ පිරිමි දරුවාගේ නිවෙසට ගියවිටදී දරුවාගේ අපහසුතා රැසක් දුටු දරුවාගේ මිත්තණිය දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී සිදු වූ සියල්ල හෙළි වී ඇත. ඒ අනුව 28 වැනිදා මිත්තණිය දරුවා සමඟ අම්බලන්තොට පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ.

No comments:

Post a Comment