
වත්මන් අර්බුදයෙන් රටත් ජාතියත් මුදවා ගැනීමේ මුල් පියවරක් ලෙස 17 වන සංශෝධනය යළි බල ගැන්වීම සඳහා තම පක්ෂය විසින් ගෙන එනු ලබන ව්‍යවස්ථා සංශෝධනයටය සහය දක්වා නිදහස් හා සාධාරණ සමාජයක් සහ යහපාලනයක් වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම ප‍්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටින එජාපය, 17 වන සංශෝධනය යළි බල ගැන්වීම මුළු මහත් දේශයේම අවශ්‍යතාවයක් බව අවධාරණය කර සිටියි.
එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානි, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ නිවේදනයක එබව සඳහන්වේ.
හුදු දේශපේ‍්‍රමී සටන් පාඨවලින් පමණක් මේ තත්ත්වයෙන් ගැලවිය නොහැකි බව පවසන සමරවීර මහතා, එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
'' ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කටයුතු පිළිබඳව ජාත්‍යන්තර ආයතන මගින් විමර්ෂණය කළ යුතුය යන යෝජනාව මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. 1990 වසරේ එතුමා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් සුරැකීම සඳහා ඕනෑම කෙනෙකු සමග එකතු වීමට සූදානම්
ඒ අවස්තාවේ රට පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාට දේශද්‍රෝහී ලේබලය අලවමින් ආණ්ඩුවේ මාධ්‍ය ඔස්සේ ප‍්‍රහාර එල්ල කරන්නට කටයුතු කළේ නැත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළේ ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් හා වෙනත් මානව හිමිකම් සංවිධානයන්ට රිසිසේ ශ‍්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බලන්නට අවකාශ සැලසීමය. ජේ. ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදසා, ඩී බී විජේතුංග සහ රනිල් වික‍්‍රමසිංහ පාලනයන්හිදී එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළේ මේ පිළිවෙතය.
මේ හේතුවෙන් රටේ සැබෑ තත්ත්වය දැක බලා ගැනීමට ජාත්‍යන්තර ආයතනයන්ට අවකාශ සැලසුණු අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමටද ඉඩ කඩ ලැබිණි.
ශ‍්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් විමසීමට විදේශීය ආයතනයන් හා සංවිධාන ශ‍්‍රී ලංකාවට පැමිණීමට තහංචි පැනවූයේ 2005 වසරෙදීය. එසේ තහංචි පැනවූයේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු ජාත්‍යන්තර තලයට ගෙනගිය පුරෝගාමියා වු මහින්ද රාජපක්ෂ මහතා විසින්ම වීම දෛව්‍යයේ සරදමකි.
2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් සුරැකීම පිළිබඳ පියවර ගන්නා බවට ප‍්‍රතිඥා දුන්නා පමණක් නොව, එකී පියවරයන් පිළිබඳව පසු විපරමක යෙදෙන්නට මානව හිමිකම් කොමිස්මට අවසරයද ලබා දුන්නේය.
අනතුරුව උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම ස්ථාපිත කොට, එහි නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවටද ප‍්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.
ඒ සියල්ල සඳහා පසුබිම සැකසූ ආණ්ඩුව දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා නවනීදන් පිල්ලේ මහත්මියට චෝදනා එල්ල කරමින් ඇග‘ ගලවා ගැනීමට යත්න දරති. එවැනි බාලාංශ පංති ක‍්‍රියාවලින් මේ අර්බුදයෙන් ගොඩ ආ නොහැකිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැන් මුළු රටම ජාත්‍යන්තර අපකීර්තියට හා අවලාදයට පාත‍්‍ර කරමින් අගාධයටකට රට ඇද දමමින් සිටිති. හුදු දේශපේ‍්‍රමී සටන් පාඨවලින් පමණක් මේ තත්ත්වයෙන් ගැලවිය නොහැකිය.''
No comments:
Post a Comment