hirunewsහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග එක්ව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ සැලසුමක් රනිල් වික‍්‍රමසිංහ මහතා ක‍්‍රියාත්මක කරමින් ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති 'සසුනට අරුණ' වැඩසටහනට එක්වෙමින් ඔහු එබව සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසිය.
'' මේ නපුංසක අවජාතකයින්ගේ තියනවා වෙනමම කුඨ සැලැස්මක්. එයාලගේ සැලැස්ම තමයි එක්සත් ජාතික පක්ෂය වට්ටලා, එක්සත් ජාතික පක්ෂය විනාශ කරලා, එයාල
ගේ සැලැස්මක් තියනවා චන්ද්‍රිකා මැතිනියත් සමග අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ගන්න.
මේ අය මාන බලන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පනින්න. කොහාටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට.
No comments:
Post a Comment