hirunewsශ්‍රී ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ලේකකයකු හා විචාරකයකු වූ මිය ගිය තිස්ස අබේසේකර මහතාගේ නැන්දනිය වන විශ්‍රාමික හෙදි මාග්‍රට් ප්‍රණාන්දු මහත්මිය (84) රාජගිරිය මොරගස් මුල්ලේ නිවසේ ඇඳමක් මත අභිරහස් ලෙස මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
වැලිකඩ, හොරගස්මුල්ල පාරේ, 5 වැනි පටුමගෙහි පිහිටි සිය නිවසේ දී ඇය මෙලෙස ඊයේ රාත‍්‍රි මියගොස් ඇති අතර සිරුර හමුවී ඇත්තේ අද පෙරවරුවේදී ය.
ඇගේ සැමියා කැලණියේ දුවගේ ගෙදර ගොස් සිටි බවත්, ගෙදර අල්මාරිය ආදී සියල්ල අවුස්සා ඇති බවත් පොලිසිය කියයි.
තිස්ස අබේසේකර මහතාගේ බිරිඳ වන අසංකා අබේසේකර
නිවසේ භාණ්ඩ ඇද දමා තිබී ඇති බැවින් මෙය කොල්ලකෑමකින් අනතුරුව සිදුවූවක්දැයි පොලීසිය සැක පළ කරයි. මළ සිරුරේ බාහිරින් තුවාල දක්නට නොමැති බව ද පොලිසිය සඳහන් කළේ ය.
No comments:
Post a Comment