HIRU TV

Monday, September 30, 2013

"Show that you can" - a challenge to Sajith from Tissa

“වීරකම පෙන්වන්න” - තිස්සගෙන් සජිත්ට අභියෝගයක්


"Show that you can" - a challenge to Sajith from Tissa

 
Sajith ranil 410-30-09-13hirunews‘රනිල්ට වැඩ බෑ කියන අය පුළුවන් නම් ඉදිරිපත් වී තමන්ට වැඩ පුළුවන් බව ඔප්පු කරන්නැ’යි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අභියෝග කළේය.
ඉකුත් සෙනසුරාදා (28) එජාප මාතර දිස්ත්‍රික් සම්මේලනය විසින් ඉදිරියේදී පැවැත්වීමට යන දකුණු පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ මහා ඇමති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදී.
එහෙත් තමාව පළාතකට කොටු කිරීමට තමා විරුද්ධ බවත්, අවශ්‍ය වන්නේ නායකත්වය මිස පළාතකට කොටුවීම නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මාතර දිස්ත්‍රික් සංවිධානය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගල්ගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේය.
අද මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් එජාප
මහා ලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේද පැවසීය.
“නායකයෝ කියලා පෙන්නන්න හදන අය, අපට පුළුවන් රට මෙහෙම ගෙනියන්න කියන අයට පුළුවන්නේ ඉදිරිපත් වෙලා තමන්ගේ වීරකම පෙන්වන්න. අනිත් අයට වැඩ බෑ, අපිට තමයි වැඩ පුළුවන් කියන අයට පුළුවන්නේ මං පෙන්නනම් මගේ දක්ෂකම කියලා ඕවට ඉදිරිපත් වෙලා පෙන්වන්න. ඒ අය රනිල් වික්‍රමසිංහ මහත්තයට බෑ  කියලනේ කියන්නේ, හරි පුළුවන් කියන කෙනෙක් වැඩ පෙන්නුවොත් අපි ඔක්කොටම පුළුවන් එයාට වැඩ පුළුවන් කියලා පිළිගන්න.”

No comments:

Post a Comment