
මෙම මෝසමේ සඳහන් වුයේ අල්ලස් නඩු පිළිබඳව ශිරාණි බණ්ඩාරනායක මහත්මියට නොතීසි නිකුත් කළ බවත් එහෙත් මේ දක්වා ඇයට ඒ සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් භාරදී නැති බවයි.
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඇතුළු නීතිඥයන් මාර්ගයෙන් අදාළ මෝසම ඉදිරිපත් කරමින් සදහන් කළේ, පරිගණක සාක්ෂි මත නඩුව පවත්වාගෙන යාම පිළිබද විරෝධය පළ කරන බවයි.
එසේම ඇයට එරෙහිව ඉදිරිපත් කළ සාක්ෂි සම්බන්ධයෙන්
අදාළ පරිගණකයේ ස්වභාවය පිළිබද පරීක්ෂා කිරීමේ අයිතිය විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස එම මෝසම මගින් කරුණු දක්වා ඇත.
මෙම නඩුව ලබන 14 වන දින දක්වා කල් තැබුණු අතර පරිගණක සාක්ෂිවල හා ලේඛනවල ස්වභාවය පිළිබද විරෝධතාවක් පළ කරන්නේ ද යන්න මීළග නඩු වාරයේ දී දැනුම් දීමට නියමිතය.
No comments:
Post a Comment