HIRU TV

Monday, September 30, 2013

NEWS FOR PANADURA VASKADUWA

පෙම්වතිය කෙලෙසා, අලෙවිකළ පෙම්වතා රිමාන්ඩ්

NEWS FOR PANADURA VASKADUWA
 
GirlRaped 410px 13 09 30hirunewsඇඟලුම් සේවිකාව කෙලෙසා එම අවස්‌ථාව වීඩියෝ ගතකර ඇය තවත් පුද්ගලයන් කිහිප දෙනකුට අලෙවි කරනු ලැබූ පුද්ගලයකුට ඔක්‌තෝබර් 9 වැනිදා දක්‌වා රිමාන්ඩ් කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
වීරපාන, සුදුවැලිව, 13 කණුව ඕපාත යන ලිපිනයේ පදිංචි ගෙදර දුරගේ කැළුම් කුමාර නමැති විවාහක සැකකරු මෙසේ රිමාන්ඩ් කෙරිණි.
රන්මුන්ගල, වස්‌කඩුව ප්‍රදේශයේ පදිංචි ඇඟලුම් සේවිකාවක්‌ සමඟ පෙම් සබඳතාවක්‌ පවත්වා ඇය සමඟ අඹුසැමියන් ලෙස ලිංගික සබඳතා පවත්වමින් එය වීඩියෝ ගතකර එය ඇගේ යහළුවන්ට සහ අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඇය සැකකරුගේ මිතුරන්ට මුදලට විකුණා ඇත.
වසරකට අධික කාලයක්‌ තිස්‌සේ ඇගේ මාසික වැටුප වන රුපියල්
පහළොස්‌ දහසක මුදල ද සැකකරු බලෙන් ලබාගෙන ඇත.
සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පානදුර පොලිසියට නියෝග කළේය.

No comments:

Post a Comment