HIRU TV

Thursday, October 3, 2013

Dayasiri, Sarath take oaths as new CMs

වයඹට දයාසිරි, මධ්‍යමට සරත් දිවුරුම් දේ

Dayasiri, Sarath take oaths as new CMs

 
Daya sarath 410px 03-10-13hirunewsවයඹ සහ මධ්‍යම යන පළාත් සභාවල මහඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්හ.
වයඹ පළාත් සභාවේ මහඇමතිවරයා ලෙස එම පළාතින් වැඩිම මනාප ලබාගත් දයාසිරි ජයසේකර මහතා දිවුරුම් දුන් අතර, මධ්‍යම මහ ඇමැති ධූරය සඳහා වැඩිම මනාප ලබා ගත් අගමැති දිමු ජයරත්නගේ පුත් නීතිඥ අනුරාධ ජයරත්න මහතා කපා හැර හිටපු මහ ඇමැති සරත් ඒකනායකට මහ ඇමැති ධූරය හිමිවිය.
වැඩිම මනාප ලබාගත්තද අනුරාධ ජයරත්නට මහ ඇමැති ධූරය ලබා නොදීම තවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨතම පුද්ගලයෙකු වූ වත්මන් අගමැති දිමු ජයරත්නට සිදුකළ විශාල කෙනෙහිලි කමක් ලෙස සැලකිය හැකි බවත්,  මෙය  රාජපක්ෂ වරුන් විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කපා දැමීමේ ක්‍රියාවලියේ නවතම සිදුවීම බවත්  එම පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

 අනුරාධපුර බර්ටි ප්‍රේමලාල් කපා දමා ඔහුගේ සිකියුරිටි ගාඩ්ව මහ
ඇමැති කළ අතර ඒ හිත්වේදනාවෙන්ම ඔහු මිය ගිය බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, තම පුතාට මහ ඇමති ධුරය නොලැබීම ගැන අගමැති දී.මු. ජයරත්න මහතා බලවත් සිත්වෙදනවකින් සිටින බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අගමැතිවරයා ඍජුවම පවසා සිටියේ,  ඌව පළාත් සභාවේදී කතානායකගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට මහ ඇමැති ධූරය ලබා දුන්නා නම් අගමැති වූ තමන්ගේ පුතාට වැඩිම මනාප ලබාගෙන තිබියදී මහ ඇමැති ධූරය ලබා දිය යුතු බවයි.

ශෂීන්ද්‍ර මහ ඇමැතිධූරයට පත්වෙද්දී ඔහුට තිබුනු සුදුසුකම අගමැති ලෙස මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ධූරය දැරීම පමණක් බව සිහිපත්කර තිබු අගමැතිවරයා, එලෙසම තම පුත්  අනුරාධ ජයරත්නද අග්‍රාමාත්‍යවරයාගේ  පුද්ගලික ලේකම් වරයා ලෙස දීර්ග කාලයක් සේවයකර අද්දැකීම් ලබාගත් අයකු බවද එම නිවේදනයේ සඳහන් කර තිබින.

 ඊට අමතරවතම පුතා  නීතිඥ වරයෙක් බවද අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබිණ.

No comments:

Post a Comment