
විදේශ අමාත්‍යවරයා එම ප්‍රකාශය කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව සම්පූර්ණයෙන්ම වර්ජනය කරන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතික යෝජනාවක් සම්මත කිරීමෙන් දින කිහිපයකට පසුවය.
ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශයක් කළ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, සමුළුවට තමන් සහභාගි වන බව පමණක් තමන්ට ස්ථිරවම කිව හැකි බවයි.
කෙසේ නමුත් අගමැති මන්මෝහන් සිං, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි හෝ උප ජනාධිපති හමීඩ් අන්සාරි සමුළුවට සහභාගි වන්නේද යන්න තවමත් ප්‍රකාශ කොට නැති අතර, ඔවුන් සහභාගි නොවන්නේ නම් ඉන්දීය දූත මණ්ඩලයේ නායකත්වය දරනු ලබන්නේ විදේශ මආත්ය්වරයා විසින්ද යන්න
පසුගියදා ඉන්දියාවේ විශේෂ සංචාරයක යෙදුන විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් අගමැති මන්මෝහන් සිංට ආරාධනා කළ නමුත්, සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අගමැතිවරයා එහිදී කිසිවක් ප්‍රකාශ කළේ නැත.
ඉන් අනතුරුව තමිල්නාඩුවේ විපක්ෂනායක එම් කරුණානිධි වෙත ලිපියක් යැවූ අගමැතිවරයා, සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ පල වන අවධානය සැලකිල්ලට ගන්නා බව සඳහන් කොට තිබුණි.
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරන බව කැනඩාවේ අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා දැනටමත් නිවේදනය කොට තිබේ.
No comments:
Post a Comment