
මෙම යානා ශ‍්‍රී ලංකාව, කුවේටය, කටාරය ඇතුලූ මිතුරු රටවල් වෙත විකිණීමට පාකිස්ථානය අදහස් කරන බව එරට 'නේෂන්' ප‍්‍රවෘත්ති සේවාව වාර්තා කරයි.
පාකිස්ථානය චීනයේ සහය ඇතිව මෙම නවීන ප‍්‍රහාරක යානය සංවර්ධනය කර ඇත. විවිධාකාරයේ මිසයිල සහ බෝම්බ හැසිරවිය හැකි මෙම යානය මගින් ගුවනේ සිට ගුවනේ ඉලක්ක වෙත මෙන්ම ගොඩබිම් ඉලක්ක වෙතද ප‍්‍රහාර එල්ල කළ හැකිවීම විශේෂත්වයකි.
එමෙන්ම ගුවනේ සිට තොරතුරු සෙවීම, ගොඩබිම් ප‍්‍රහා
මේ අතර, පකිස්ථාන නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ තිබේ. සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඔවුන් මෙරට නාවික හමුදාපතිවරයාද හමුවීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.
නසාර් සහ කයිබර් නැමති මෙම යුද නෞකා දෙක ලබන 30 වැනිදා දක්වා කොළඹ වරායේ රැඳී සිටිනු ඇති අතර, මෙම පාකිස්ථාන යුද නෞකා ශ‍්‍රී ලංකාවේදී යුද අභ්‍යාසයකද නිරතවන බවද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
No comments:
Post a Comment