HIRU TV

Tuesday, October 15, 2013

Kahawatte killers remanded till the end of the trial

කහවත්තේ ඝාතකයෝ නඩුව අවසන්වනතෙක් රිමාන්ඩ්

Kahawatte killers remanded till the end of the trial

 
Kotakethana 410px 15-10-13hirunewsපසුගිය වසරේ 2012 පෙබරවාරි මස කහවත්ත කොටකෙතන පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී (මව) සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගී දියණිය ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත් අඹු සැමි යුවළ එම නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුණි වික්‍රමසිංහ මහත්මිය අද (15) නියෝග කළාය.
 
එම නඩුව මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
 
ලොකුගම් හේවාගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාරී හෙවත් වට්ටි යන අය මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.
 
මොවුන්ට විරුද්ධව ඇති එම නඩුවේ නැවත විභාගය එළඹෙන දෙසැම්බර් මස 13 වැනිදා සිදු කිරීමටද විනිසුරුවරිය නියෝග කළාය.

No comments:

Post a Comment