
ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීමට හිටපු ක්‍රිකට් නායකයන් වන නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ෂාන් හා වත්මන් ටෙස්ට් හා එක්දින නායක ඇන්‍ජෙලෝ මැතිව්ස් එක්වීමට නියමිත බවද පැවසේ.
පෙරේදා (24) රාත්‍රියේ දී කොළඹ තුරඟ තරග පිටියේ සවිකරන ලද විදුලි ආලෝකධාරා අත්හදා බලා තිබිනි.
ශ්‍රී ලංකා රගර් පිලේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබයි.
තරගාවලිය ජය ගනිමින් අන්තර් ජාතික රගර් සංගමයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් අත්කර ගැනීම සිය බලාපොරොත්තුව බව නාමල් මාධ්‍යට පවසා තිබිනි.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල හා මැඩගස්කර්
කණ්ඩායම අතර තරගය අද පස්වරු 5.30ට ආරම්භ කෙරේ.
විදෙස් පුහුණුකරුවන් දෙදෙනා හොර රහසේම නික්මයාමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නව පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ රොනී ඉබ්‍රාහිම්ය.
අද තරගයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන ප්‍රදීප් ලියනගේ හා දිනූෂ චතුරංග මැද පෙළ ශක්තිමත් කරන බව පැවසේ.
මැඩගස්කර් කණ්ඩායමට ද ජාත්‍යන්තර රගර් පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් එක්වී සිටින බැවින් අද තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය - නාමල් රාජපක්ෂ (නායක), එරංග ස්වර්ණතිලක, අචල පෙරේරා, හසිත පෙරේරා, සජිත් සාරංග, ෂැරෝ ප්‍රනාන්දු, ධනුෂ්ක පෙරේරා, බිලාල් හසන්, රෙහාන් වීරකෝන්, නිරෝෂන් ප්‍රනාන්දු, චාමර දාබරේ, ලවංග පෙරේරා, දිනූෂ චතුරංග, සඳුන් හේරත්, රීසා මුබාරක් - අතිරේක ක්‍රීඩකයන් - හෙන්රි ටෙරන්ස්, එන්.ඒ.ජයලාල්, දුමින්ද පුලිකුට්ටිආරච්චි, ඉෂාන් නූර්, රෝහිත රාජපක්ෂ, නුවන් හෙට්ටිආරච්චි, ෆසීල් මරිජා, ප්‍රදීප් ලියනගේ.
No comments:
Post a Comment