HIRU TV

Saturday, October 26, 2013

Roshan to run for elections

රොෂාන් ඡන්දය ඉල්ලන්න යයි !

Roshan to run for elections

 
Roshan P 410px 26-10-13
hirunewsතව මාස කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවහොත් ඡන්දය ඉල්ලීමට ආරාධනයක් ලැබී ඇති බව ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය කියයි.
අදාල ආරාධනය ලැබී ඇත්තේ හගුරන්කෙතින් ඡන්දය ඉල්ලීමට බවද පැවසේ.
ඔහු මේබව හෙලිකර ඇත්තේ සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන අතරේ අදාල සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදිනිය "තව මාස දෙක තුනකින් පාර්ලිමේන්තුව විසුරුවොත් ?" යනුවෙන් අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.
තමා පරාජිත පෙම්වතෙක් නොවන බවද පවසා ඇති ඔහු තමා සතුටින් සිටින බවද ඔහු කියා තිබේ.
“හිත පාරලා” සංගීත වීඩියෝවෙන් කියැවෙන්නේ රොෂාන්ගේ සැබෑ ආදර නොවන බවද රොෂාන් එහිදී හෙළිකර ඇති අතර තමා එහි රොෂාන් පිළපිටිය ලෙසම පෙනී සිටියේ ද එය ඇක්ට් එකක් පමණක් බවද පවසා ඇත.
මේ ගීයේ රූප රචනය කර ඇත්තේ ඔහුගේ මස්සිනා
වීමට සිටි චතුරිකාගේ නැගණියගේ ස්වාමියා වන සහන් අබේවර්ධන වුවද එය තමාගේ වේදනාව පිට කිරීමට ගත් මගක් නොවන බවද ඔහු පවසා තිබේ.
ඒ සම්බන්දයෙන් ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
"මම එහි රංගනයේ නියැළුණේ කිසිම මුදල් අයකිරීමක්වත් නොකරමිනුයි.
චතුරිකාගේ පවු‍ලේ උදවිය හා මා අතර හිතවත්කම් තවම පලුදු වෙලා නෑ. සංගීත වීඩියෝවේ ඉන්න අම්මාගේ චරිතයත් සැබෑවටම නිරූපණය කළේ චතුරිකාගේ අම්මයි, හැබැයි නිර්මාණය හරහා මගේ කතාව කියගාන්න අවශ්‍යතාවක් මට තිබුණේ නෑ."

No comments:

Post a Comment