
2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත අනුව 2012 ජනවාරි මස 01 වැනිදායින් පසු වලංගු බලපත‍්‍රයක් නොමැතිව කැසිනෝ සමාජශාලා පවත්වාගෙන යා නොහැකිය.
මේ වලංගු බලපත‍්‍රය විෂයභාර අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබිය යුතු අතර එමෙන්ම ගැසට් නිවේදනයක් මගින් විෂයභාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන නිශ්චිත ප‍්‍රදේශයක හැර කැසිනෝ ව්‍යාපාරවල නිරත නොවිය යුතුය.
ශ‍්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරවල නිරත ආයතන කිහිපයක් ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවමින් සිටියද, ඔවුන්ට කැසිනෝ ව්‍යාපාරවල යෙදීම සඳහා රජය විසින් නිකුත් කරන ලද වලංගු බලපත‍්‍ර නොමැති බව අප කල විමසීමකදී
කැසිනෝ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත ඇතිවූ වාද විවාදවලදී ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ප‍්‍රකාශ කළේ කැසිනෝ සඳහා රජය බලපත‍්‍ර ලබාදී නැති බවත්, ඉදිරියේදීද බලපත‍්‍ර ලබානොදෙන බවත් හා කැසිනෝ සඳහා දැනට බදු ගෙවමින් සිටින පිරිසට එම ව්‍යාපාරය තවදුරටත් කරගෙන යෑමේ අවස්ථාව ලැබෙන බවත්ය.
කොළඹ නගරයේ ඉදිකිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරද ඇතුළත් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘති දෙකකට බදු සහන ලබාදීමේ ගැසට් නිවේදන දෙකක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඔක්තෝබර් 24 හා 25 දිනවල යොමු කිරීමට නියමිතව තිබුණද ඒ සම්බන්ධයෙන් මතුවූ විරෝධයන් හේතුවෙන් ආණ්ඩුව එය කල්දමනු ලැබීය.
No comments:
Post a Comment