hirunewsපොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට පෙර, කොළඹ මහා නගර සභා සීමාවේ ප්‍රධාන මාර්ග යාබද පිහිටි දුර්වර්ණ වී ඇති සියලුම තාප්ප හා ගොඩනැඟිලි අලුත්වැඩියා කරන ලෙස හිමිකරුවන්ට දැනුම්දීමක් කර ඇත.
කොළඹ මහා නගර සභා අතුරු ව්‍යවස්ථාවේ අංක 54 -8 පරිච්ඡේදය අනුව නගරාධිපතිවරයාට හා නාගරික කොමසාරිස්වරියට පැවරී ඇති බලතල අනුව ඔවුන් ජනතාව දැනුවත් කොට ඇතැයි ද කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී පැවසිය.
එසේ දැනුම් දී තිබුන ද කිසිවකුත් එම දැනුම්
බේස්ලයින් මාර්ගය, බෞද්ධාලෝක මාවත, ඩී.ආර් විජේවර්ධන මාවත, නිදහස් මාවත, ග්‍රීන් පාත්, ගාලු පාර, නෙළුම් පොකුණ, ආර්.ඩී. ද මෙල් මාවත, හෝටන් පෙදෙස ආදි මාර්ගවල ඇති ගොඩනැඟිලි අයිතිකරුවන් බදුකරුවන් හා පදිංචිකරුවන් තුන් දහසකට පමණ දැනුම් දී ඇති බවත්, ඔවුන් මහා නගර සභා අතුරු ව්‍යවස්ථාව අනුව ගොඩනැඟිලි, තාප්ප පිරිසිදුව හා අලංකාරව තබා ගැනීමට බැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.
No comments:
Post a Comment