HIRU TV

Friday, October 25, 2013

Official casino permit for Rs. 100m

මිලියන100කට කැසිනෝ නිල අවසරය !

Official casino permit for Rs. 100m

 
Casino 410px 04-10-13hirunewsපාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන ලද ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ සහිත හෝටල් ඉදිකිරීමේ ගැසට් නිවේදනය නව සංශෝධන ඇතුළත් කොට නැවත මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ.
නව පනත අනුව හෝටල් ව්‍යාපෘති ඉදි කිරීමේදී කැසිනෝ බලපත‍්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන සියයක් සහ මුළු ආදායමෙන් සියයට 5ක් බදු ලෙස අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
අරලියගහ මන්දිරයේදී ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයට මෙම ගැසට් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර සංශෝධන ඇතුළත් කර නැවත ගැසට් නිවේදනය මුද්‍රණය කර ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි එහිදී උපදෙස් දී තිබේ.
මේ වනවිටත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා ඔහුගේ කැසිනෝ ශාලා තුනකටත්, රවී විජේරත්න මහතා ඔහුගේ කැසිනෝ ශාලා දෙකකටත් දේශීය අදායම් බදු
දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 100 බැගින් බදු ගෙවයි. කැසිනෝ සඳහා නිත්‍යානුකුල බලපත්‍රයක් මෙතෙක් නිකුත්කර නොමැති තත්වයක් තුල එම කැසිනෝ ශාලා මෙතෙක් පවත්වාගෙන ගියේද රුපියල් මිලියන 100ක් ගෙව් රිසිට්පත පෙන්වමිනි.
එහෙයින් ඊයේ අමාත්‍ය සිදු කොට ඇත්තේ, කැසිනෝ ශාලාවල මුළු ආදායමෙන් සියයට 5ක් බදු ලෙස අය කර මෙතෙක් වාර්ෂිකව රුපියල් මිලියන 100ක් ගෙවා නොනිල මට්ටමින් පවත්වා ගේනගිය කැසිනෝ ශාලා වලට නිල අනුමැතිය ලබාදීමකි.
මෙම ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අමාත්‍යවරු විවිධ අදහස් පළ කර ඇති අතර ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ජාතික හෙළ උරුමයේ ලේකම් ඇමති පාඨලී චම්පික රණවක යන මහත්වරුන් මෙයට විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත් එහිදී ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම හෝටල් වලට කැසිනෝ බලපත‍්‍ර ලබා දීමේදී මිලියන 100ක් අය කිරීමටත් ලබන මුළු ආදායමෙන් සියයට 5ක් බදු වශයෙන් අය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම හෝටල් ඉදි කිරීමේදී බදු වලින් නිදහස් කිරීමටද කැබිනට් මණ්ඩලය එකග වී ඇත.

No comments:

Post a Comment