HIRU TV

Tuesday, October 22, 2013

New SL coach should continue Ford's work-Jayasuriya

නව පුහුණුකරු ගැන ජයසූරිය කතා කරයි

New SL coach should continue Ford's work-Jayasuriya

 
SanathJayasuriya 410px 13 10 22hirunewsශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිළ සඳහා තෝරා ගැනෙන නව පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් විසින් කණ්ඩායමට සිදුකළ මෙහෙවර ඉදිරියට ගෙන යාමට සමත් විය යුතු බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී සනත් ජයසූරිය පවසයි.
ග‍්‍රැහැම් ෆෝඞ්ගේ නිළ කාලය ලබන ජනවාරියේ අවසන් වන අතර ඉන් පසු නැව. කණ්ඩායමේ පුහුණුකරැ තනතුරේ රුඳී සිටීමට ඔහු අයඳුම් කර නැති බව වාර්තා වේ.
අදාළ තනතුර සඳහා මේවනවිට අයදුම්පත් 11ක් ලැබී ඇති අතර කමිටුව විසින් ඒ සඳහා සුදුසුයැයි අදහස් කරන පුහුණුකරුවන් කිහිපදෙනෙකුටද අරාධනා කර ඇත.
හිටපු ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ග්‍රේග් චැපල් එලෙස අරාධනා ලැබූ එක් පුද්ගලයෙකු වන අතර ඔහු පෞද්ගලික හේතු මත එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
ග්‍රාමීය ප්‍රදේශ වලින් එක් වන විශාල ක්‍රීඩකයන් ප්‍රමාණය හේතු කොටගෙන නව පුහුණුකරුට ශ්‍රී ලාංකීය සංස්කෘතිය තෙරුම් ගැනිමේ හැකියාව පැවතිය යුතු බව සනත් ජයසූරිය මහතා
පවසයි. තවද මෙම වසරේ කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ විශ්‍රාඑත් ගැනීම සමඟ නව ක්‍රීඩකයන්ට වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද සැලැස්ම නව පුණුකරු විසින්ද ක්‍රියාවට නැංවිය යුතු බව හෙතෙම අවධාරනය කළේය.
වත්මන් සහායක පුහුණුකරු මාවන් අතපත්තු සහ පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේද අදාළ සුදුසුකම් දරන අතර ජයසූරිය මහතා ප්‍රකාශ කල ආකාරයට දේශීය පුහුණුකරුවන් කමිටුවේ වැඩි අවධානයට ලක්වී ඇත.

No comments:

Post a Comment