HIRU TV

Friday, October 4, 2013

News for vavuniya news

පාසල් සිසුවකු අපයෝජනය කළ හිමිනම අත්අඩංගුවට

hot news for 

News for vavuniya news

 
BoyRaped 410px 13 10 04hirunewsබාල වයස්කාර පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ හිමිනමක් මැදවච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වවුනියාව නගරයට පුවත්පතක් මිලදී ගැනීමට පැමිණි මෙම සිසුවාට සිංහල භාෂාව ඉගැන්වීමට හැකි යැයි පවසමින් සැකකාර හිමිනම බලහත්කාරයෙන් තී‍්‍රරෝද රථයට නංවාගෙන මැදවච්චිය තාවක්කුලම් ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට රැගෙන විත් අපයෝජනය කර ඇතැයි පොලීසිය පවසයි.
අපයෝජනය කිරීමෙන් පසු දරුවාට විහාරස්ථානයේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක සෙබලෙකුට බස් රථයකට ඇරලවන ලෙස දන්වා පිටත් කර යවා ඇත.
සිසුවා සිංහල භාෂාව කතා කිරීමට නොදන්නා අයෙකු වන අතර සිවිල් ආරක්ෂක
බලකා සෙබලා දෙමළ භාෂාව මදක් දැනගෙන සිටි ඇති අතර විහාරස්ථානයට පැමිණියේ කුමන හේතුවකට දැයි විමසා ඇත.
එහිදී සිසුවා පවසා ඇත්තේ චීවරධාරියා විසින් තමන්ට අපයෝජනයක් කළ බවයි.
ඒ අනුව සෙබලා මේ පිළිබදව විහාරස්ථ දායක සභාවට දන්වා ඇත. දායක සභාවේ සිටින පුද්ගලයෙකු ප‍්‍රදේශයේ දමිළ භාෂාව දන්නා පුද්ගලයෙකු ගෙන්වා සිසුවාට සිදුවූ දෙය විමසා ඇත.
එහිදී හිමිනම සිදු කළ සියලූ දේ සිසුවා ඔවුන්ට පවසා ඇති අතර ඒ අනුව ප‍්‍රදේශවාසීන් මේ බව මැදවච්චිය පොලීසියට දන්වා ඇත.

No comments:

Post a Comment