
රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි බල කරමින් පැවති විරෝධතා පාගමනට මාතරදී පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සඳහා අවශ්‍යව සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අද පෙරවරුවේ පොලිසියට භාර වීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත්කර තිබිණ.
එසේම එම ගැටුම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකු ද අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප මත මුදා හැරිණ.
එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත‍්‍රාත්වරයා නොවැම්බර් මස 25 වෙනි දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔවුන්ට නියෝග කළේය. අද දිනයේ ඇප නියම වූ සැකකරුවන් අතර අගලවත්ත එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ ගාමිණී
මාතර ගැටුම අතරතුර පාදයකට වෙඩි වැදී තුවාල ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් අද (22) නිවසේ සිට රෝද පුටුවෙන්ම දකුණු පළාත් සභාවට පැමිණියේය. මන්ත්‍රීවරයාට පළාත් සභාව තුළට යාමට සිය සඟයින්ගෙන් උදව් උපකාර ද ලැබිණ.
අද පැවති මාසික රැස්වීමට සහහාගිවීම සදහා දකුණු පළාත් සහාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර මහතා රෝද පුටුවකින් පළාත් සහා රැස්වීම වෙත පැමිණි අයුරු 'දෙරණ' වාර්තාකර තිබුනේ මෙසේය.
No comments:
Post a Comment