hirunewsනිරූපිකාවක වන හංසි සිතාරාට පහරදුන් බවට මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණය හමුවට ඉදිරිපත් කළ නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරි, ඇගේ මව වන මොහොමඞ් රොෂානා හා නිළියක නර්තන ශිල්පිනියක වන මේනකා මධුවන්ති රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
ඊට අදාළ සිද්ධිය මෙසේය.
පසුගිය 10 වැනිදා ගංගොඩවිල පිහිටි නිලූකා කොඩිකාරගේ රූපලාවන්‍යාගාරයෙන් හංසි සිතාරාට රූපලාවන්‍ය කටයුත්තක් සදහා පස්වරු 3.00ට පැමිණෙන ලෙස දන්වා තිබී ඇත.
එසේම ආක්ෂා සුදාරි හා මේනකා මධුවන්තිට ද එදිනම පස්වරු 4.00ට එම රූපලාවන්‍යාගාරය විසින් වේලාව වෙන්කර දී ඇත.
එහිදී ආක්ෂා සහ හංසි අතර බහින්බස්වීමක් හටගෙන ඇත.
‘උඹ මොකද මගේ බෝයිෆ්‍රෙන්ඞ්ට කතා කරන්නේ. ඇයි එයාට මං ගැන කේලම් කියන්නේ’ යැයි අසමින් ආක්ෂා තමන්ට පහර දෙන්නට පටන්ගත් බව හංසි සිතාරා විසින්
පොලිසියට කරන ලද පැමිණිල්ලේ දක්වා ඇත.
එහිදී මේනකා හා ආක්ෂාගේ මව වන මොහොමඞ් රොෂානා ද හංසිට පහර දී තිබේ.
පසුව ඔවුන් ඇගේ වටිනා ජංගම දුරකතනය පොළොවේ ගසා එවා ද රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් බව පැවසේ.
සිද්ධිය අතරතුර තමන්ව සපා කෑ බවත් උස් අඩි පාවහන්වලින් තමාට පහර දුන් බවත් මෙම පහරදීමෙන් තමන්ගේ ඇඳුම් ඉරී ගිය බවත් හංසි සිතාරා පොලීසියට පවසා තිබේ.
සිද්ධියට මුහුණ දුන් හංසි සිතාරා මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට එදිනම පස්වරුවේ පැමිණිලි කර ඇත.
පසුව එම ඒකකය මගින් මේනකා, ආක්ෂා සහ ඇගේ මව ඉකුත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කළාය.
කෙසේවෙතත් ආක්ෂා, මේනකා සහ සිද්ධිය වූ බව කියන රූපලාවන්‍යාගාරය හිමි නිලූකා ද මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය වෙත පසුගිය දා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි කිසිදු සිදුවීමක් නොවූ බවයි.
No comments:
Post a Comment