hirunewsබාල වයස්කාර පිරිමි ළමයෙකුට ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකුට කළුතර මහාධිකරණය අද වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා තුනකට එසේ දඬුවම් නියම වූයේ රත්නසිරි කළුපෙරුම නොහොත් ‘බාවා’ නැමැති අයකුටය.
එක් චෝදනාවකට බරපතල වැඩ ඇතිව වසර හතක් බැගින් සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර 7කින් එක්වර ගෙවී යන ලෙස නියම කළේය.
මීට අමතරව අගතියට පත් දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ද කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග
අදාළ වරදකරුට චෝදනා තුන වෙනුවෙන් රුපියල් 7,500 ක දඬයක් නියම කෙරුණු අතර එය ගෙවීම පැහැර හරින්නේ නම් වසර 6ක සිර දඬුවමක් ද නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා දැනුම් දුන්නේ ය.
2004 වසරේ ජුලි මස 25 වන දා මතුගම ප්‍රදේශයේදී මෙම අපයෝජනය සිදු වී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
No comments:
Post a Comment