HIRU TV

Tuesday, July 30, 2013

Royal teacher protests on the roof


Royal teacher protests on the roof

Royal techer 410px 30-07-13hirunewswකොළඹ රාජකීය විදුහලේ ගුරුවරියක් එම විදුහලේ වහලයට නැග ඇතැයි වාර්තා වේ.
ඇය මෙසේ වහලයට නැග ඇත්තේ ඇයට ලබාදුන් ස්ථාන මාරුවකට විරෝධය දැක්වීම සදහාය.
මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' එම ස්ථානයට ගොස් සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මුලින්ම කළ යුතුවන්නේ මේ ගුරුවරිය සිටින අවධානම් තත්ත්වයෙන් මුදවා ගැනීම බවියි.
මෙසේ වහලයට නැග සිටින්නේ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා හා එම විදුහලේ දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් කළ කල්‍යානි දිසානායක නම් i හා ii ශ්‍රේණියේ විදුහල්පතිනියක් බවයි.
ඇයට ජාතික ගුරුමාරු ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමින් මුලින්ම
අනුලා විදුහලට ස්ථාන මාරුවක් ලබා දී තිබූ බවත්, පසුව ඇය අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු ඇය ඒ සදහා සාක්ෂි ලබාදීමට පෙර දිනයේ නැවත ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ලිපියක් ලබා දී ඇති බවයි.
ඊට විරෝධය දක්වා ඇය මෙම තීරණය ගෙන ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment