HIRU TV

Wednesday, July 31, 2013

They attempted to kidnap me - Malaka

   




They attempted to kidnap me - Malaka




MalakaSilva 410px 13 07 29hirunewsතමාට පහරදුන් සන්නද්ධ පිරිස, තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සහකල බව අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පවසයි.
තමාව වටකර ගත් 12 දෙනෙකු තමාව ඔවුන්ගේ වාහනයක දා ගැනීමට උත්සහ කල අවස්ථාවේදී තමා පොරබැඳු බවත්, එහිදී අයකු තමාට පහර දුන් බවත් මාලක සිල්වා පවසයි.
තමා යන එන සැම තැනකටම ආරක්ෂක නිලධාරීන් ගෙනයන බවට සමහර මාධ්‍ය කර තිබු ප්‍රකාශ කර තිබුනද තමාට එවැනි කිසිදු ආරක්ෂාවක් නොමැතිබව මෙම සිද්ධියෙන් තහවුරුවූ බවද මාලක සිල්වා පවසයි.
කොළඹ ඔඩෙල් ආයතනයේ රථගාලේදී ඉකුත් සඳුදා පස්වරුවේදී පහර කෑමකට ලක්වූ මාලක සිල්වා මහතා, ප‍්‍රතිකාර ලබා ඊයේ පස්වරුවේ රෝහලෙන් පිටව ගොස් ඇත.
මේ අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත‍්‍රයාට පහරදුන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.
ඇමති පුත් මාලක සිල්වා මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවදුරටත් කි‍්‍රයාත්මක බව එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

No comments:

Post a Comment