
මෙසේ අතවරයට ලක්ව ඇත්තේ සදලංකාව - ඇටඹගහවත්ත පදිංචිව සිටි දැරියකි.
දැරියගේ මව තම සැමියා අතහැර විදේශ ගතවී ඇති අතර, ඉන් පසුව ඇය හැදී වැඩී ඇත්තේ පියා සහ මිත්තනිය බාරයේය.
එම ප්‍රදේශයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන දැරිය ජුලි මස 07 වැනිදා හදිසියේම අතුරුදහන්වී ඇත.
මේ බව දැරිවියගේ මිත්තනිය විසින් දංකොටුව පොලීසියට පැමිණිළි කර තිබේ.
මේ අතර පසුගිය දිනක අතුරුදහන්වී සිටි දැරිවිය
හදිසියේම නිවසට පැමිණ ඇත.
ඇය පවසා ඇත්තේ තමා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අයෙකු තමන්ව කැදවා ගෙන ගොස් පිළියන්දල ප්‍රදේශයේ නිවසක රදවා තබා ගත් බවත්, එහිදී ඔහු තමන් සමග අඹු - සැමියන් ලෙස ගත කළ බවත්ය.
ඒ අනුව තම මිණිපිරිය දුෂණයට ලක්වී ඇති බව වටහා ගෙන ඇති මිත්තණිය නැවතත් පැමිණ දංකොටුව පොලීසියට මේ බව පැමිණිළි කර තිබේ.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.දංකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment