
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා තිබේ.
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පසුගියදා නිලවශයෙන් ගොනු කෙරුනු චෝදනා පත්‍ර මගින් චණ්ඩීලා ඇතුළු 39 දෙනෙකු චෝදනා ලබා සිටියි.
මෙම චෝදනා එල්ලවීම සම්බන්ධයෙන් මාත් මගේ පවුලේ සාමාජිකයනුත් දැඩි කම්පනයට පත්ව සිටිනවා. මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ත්‍රස්තවාදියෙක් නෙමෙයි, යැයි ඔහු පවසා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කරයි.
කිසිදිනක බුකීකරුවෙකු තමා සමග ගණුදෙනුකිරීමට පැමිණ නැති බවත්, මෙම චෝදනා පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් ඔහු වැඩිදුරටත්
පවසා තිබේ.
“මගේ හීනය වුනේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්නයි. ඒ සඳහා මං ගොඩක් මහන්සි වුනා. පසුගිය දෙවසර තුළ අයි.පී.එල්. සමයන් තුළදී මගේ ක්‍රීඩා විලාසය ඊට නිදසුනක්. දෙවි පිහිටෙන් මට යළි සෙල්ලම් කරන්න පුළුවන් වෙයි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මෙම චෝදනා එල්ලවූ අනෙක් ක්‍රීඩකයන් වන ශ්‍රීශාන්ත් හා අන්කීත් චවාන් හට ජුනි මාසයේදී ඇප ලැබුනද චන්ඩීලා හට ඇප නොලැබුණි.
No comments:
Post a Comment