HIRU TV

Monday, August 5, 2013

Police has power to call army - HR commission

 

Police has power to call army - HR commission

Rathupawala 5 410px 04-08-1hirunewsරටේ සාමය ආරක්ෂා කිරීම පිණිස ඇතැම් අවස්ථාවල හමුදාව කැඳවීමට පොලීසියට බලය තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිසම පවසයි.
කෙසේ නමුත්, වැලිවේරියේ රතුපස්වලදී උද්ඝෝෂණයේ යෙදුන මහජනතාව විසුරුවා හැරීම සඳහා හමුදාව කැඳවූ අවස්ථාව හමුදාව සිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වීමට තීරණය කළ බව කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා බිබිසි සංදේශයට පැවසීය.
"ඇතැම් අවස්ථාවල දී පොලීසියට, හමුදාවේ රැකවරණය ලබා ගැනීමට නීත්‍යානුකූලව අයිතියක් තියෙනවා. එවැනි තත්වයක් තිබුනද නැද්ද කියන ඒක අපි නිරාකරණය කරන්නයි හදන්නේ," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීමට ගත ක්‍රියාමාර්ග සහ ඊට අදාළ පරීක්ෂණ වාර්තා සති දෙකක් ඇතුලත තමන්ට යොමු කරන මෙන් යුද හමුදාවට සහ පොලීසියට නියෝග කළ බව ද සභාපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
කෙසේ නමුත් සිය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක
කිරීමට කිසිවෙකුත් නීතියෙන් බැඳී නොසිටින බව සභාපතිවරයා පිළිගත්තේය.
රතුපස්වල පිහිටි හේලීස් සමාගමට අයත් අත් වැසුම් කම්හල මගින් ප්‍රදේශයේ පානීය ජලය දූෂණය වන්නේ දැයි සොයා බැලීමට ද කොමිසම තීන්දු කළ බව කොමිසමේ ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
නීතිඥ නිමල් පුංචිහේවා මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ද ජනාධිපතිවරයා විසින් පත්කළ අයෙකි.
මේ අතර,  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති, මානව හිමිකම් කොමසාරිස්  ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ඊයේ කියා සිටියේ, ‍ බ්‍රහස්පතින්දා වැලිවේරියේ සිදු වු හමුදා වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බවත්, ආරක්ෂක අමාත්‍යංශ ඇතුළු  අමාත්‍යංශ 26 ක් අද (05) කැදවන බවත්ය.
රතුපස්වල හා ඒ අවට  ගැමියන් මුහුණපාන ළිංවතුර  ගැටළුව පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙන බව ඔහු සඳහන් කළේය..
කොමිසමේ ජ්‍යෙෂ්ඨ පරීක්ෂයින් පස් දෙනකු වැලිවේරියට ගොස් සිදු කළ පරීක්ෂණ වල මුලීක වාර්තාව ඉදිරිපත් කරන බවද   ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment