
ඔහු නිවේදනයක් නිකුත්කරමින් මේබව කියා සිටී.
එම වැඩ පිළිවෙළින් යම් කිසිවකුට අපහසුවක් වූයේ නම් පොලිසිය බලවත් කණගාටුව පළ කරන බවත් එහි දැක්වේ.
සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිට දන්වා තිබිණි.
පොලිස් සුනඛයන් කරකාර බන්දවා පෝරුවට නැංවීමත්, ඒ සඳහා සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ වස්තු ලෙස සැලකෙන පුන්කලස්, ගොක්කොළ හා පොල් මල් යොදා ගැනීමත් ඇමැතිගේ විරෝධයට හේතු විය.
කෙසේවුවද පොලිසිය කියනුයේ බලු ජෝඩු නැග්ගුවේ ප්ලාස්ටික් පීටිකාවක් මතට බවයි.
ඡායාරූප ගැනීමේ පහසුවට එය කළ බවද එහි සදහන් වේ.
මේ උත්සවයේ සමහර අංග සිංහල සංස්කෘතියට
නොගැලපෙන බව සිංහල රාවය ද තමාට දන්වා ඇතැයි ද, පොලිසිය සැමවිටම සියලු ජනතාවගේ සංස්කෘතිය උරුමයට ගරු කරන බව ද එම නිවේදනයේ දැක්වේ.
නිල සුනඛයන් පිටරටින් ගෙන්වීමට යන ධනස්කන්ධය ඉතිරි කර ගැනීම සඳහාත්, මෙරට දේශගුණයට හා ආහාරවලට හුරු සුනඛයන් හුරු බිහි කිරීම සඳහාත් පශූ වෛද්‍ය නිර්දේශ මත අභිජනනය සඳහා තෝරා ගත් සුනඛයනට අභිජනන සහතික දුන් බවත් ඔහු කියයි.
වසර 2011 දී පමණක් නෙදර්ලන්තයෙන් සුනඛයන් ගෙන්වීමට රුපියල් හත් කෝටියක් වැය කළ බව ද, එතෙර ඇදී යන රට සල්ලි ශ්‍රී ලංකාවේ නතර කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව ද ඔහු අවධාරණය කරයි.





No comments:
Post a Comment