HIRU TV

Tuesday, August 27, 2013

news for sanath gunathilaka

සනත් සිවුර ඇඳීම බලු වැඩක් -රාවණා බලය

news for sanath gunathilaka
 
SanathGunathilaka 410px 13 08 27hirunewsප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් ඛෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී තාවකාලික පැවිදිකම ලබාගැනීම, මේදිනවල ජනප්‍රියත්වයට පත්ව සිටින හිමිවරුන් කිහිප නමකක්ම බලවත් සේ දෝෂදර්ශනයට ලක්කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විමල් විරවංශ අමාත්‍යවරයාගේ 'රාවණා බලය' සංවිධානයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, චිත්‍රපටයකට අත්දැකීමක් හෝ පෙරහුරුවක් ලබාගැනීම සඳහා නීත්‍යනුකූල අයුරින් මහණ වුණානම් ඒ තරම් තවත් බලු වැඩක්
නැතැයි කියා සිටිති.
IththekandeS 360px 13 03 25'' බුදු දහමට ළැදිව ඒ අනුව කටයුතු කිරීම සඳහා බුදු දහම එල්බ ගැනීම සඳහා සද්භාවයෙන් මහණ වූවානම් එය උතුම් ක්‍රියාවක්. මහණ වීමේ අත්දැකීමක් ලබාගෙන චිත්‍රපටවල රඟපාන්න පැවිදි වෙන්න ශාසනය අම්බලමක් නොවේ. තමන්ට ඕන ඕන දේවල් පුහුණු වෙන්න ශාසනය මඟීන් බැහැ. ශාසනික සම්ප්‍රදාය පිළිගෙන සද්භාවයෙන් මහණ වුණා නම් සතියක්ද දවස් දෙකක්ද කියලා ඊට ප්‍රශ්නයක් නැහැ.
එහෙනම් පාඨලී චම්පික මහත්තයාත් මහණ වුණේ. චිත්‍රපට සඳහා පෙරපුහුණුවක් ගන්න ශාසනය පාවිච්චි කරන්න බැහැ. මහණවීමේ බෞද්ධ සම්ප්‍රදාය අවබෝධ කරගෙන රඟපානවා කියන්නේ කොපමණ දුෂ්ට වැඩක්ද. ඔය මහත්තයාව මහණ කරවපු ඇත්තෝත් මේවා දැනගන්න ඕනෑ. මහණ කරවද්දි එහි අරමුණ දැනගෙන නොවෙයිද ඒ ඇත්තෝ මහණ කරලා තිබෙන්නේ.
පිරිතක් කියද්දිත් දැහැත්දිලා හාමුදුරුවන්ට අරමුණ පැහැදිලි කරන්න ඕන. රඟපෑම සඳහා පෙර පුහුණු වන්න අත්දැකීම් ලබා ගන්න ඕන නම් ශාසනයට එන්නේ නැතිව වෙන ඕන තැනක් හොයා ගන්න ඕන.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්,Galagodaththe 410px 13 08 27
'' සමහරු විවිධ නාට්‍ය චිත්‍රපට සඳහා භික්‍ෂු චරිතයකට පණ පොවන්න එම චරිතයට සාධාරණත්වයක් ලබා දිමට මෙමගින් උත්සාහයක් ගන්නවා.
මෙම පැවිදිවීම ගැටලුවක් නැහැ. ඒ සඳහා තමයි තාවකාලිකව පැවිදි වෙන්නේ. මේ ආකාරයට සාමණේර අයුරින් පැවිදි වුණා කියලා භික්‍ෂුවකගේ ගණයට වැටෙන්නේ නැහැ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි.
සාමණේරයන් ලක්‍ෂයක් හිටියත් වැඩක් නැහැ උපසම්පදා භික්‍ෂුවක් නැතිව. උපසම්පදාවට පත්වුවහොත් පමණයි භික්‍ෂුවක් විදියට පිළිගන්නේ. තමන්ට දවස් 10ක් සාමණේර අයුරින් ඉන්න අවශ්‍යනම් පන්සිල් සමාදන් වෙලා සාමණේර විදියට ඉන්න පුළුවන්.'' යයි පැවසු ඥානසාර හිමියන්, '' මේ සිද්ධිය ශාසනික විරෝධී ක්‍රියාවක්වත් සාම්ප්‍රදාය විරෝධී කතන්දරයක්වත් නොවේ. ශාසනය රැකෙන්නේ උපසම්පදා භික්‍ෂුවක් සමඟයි..'' යයි තදුරටත් කියා සිටියහ.
සිහළ රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන්,
AkmeemanaDThero 410px 13 08 27''භික්‍ෂු ජීවිතයක් කියන්නේ රඟපෑම්වලට භාවිත කරන දෙයක් නොවේ. පැවිද්දත්වය කියන්නේ ජීවිතය පිළිබඳ අවබෝධකර ගැනීමක්. ශාසනය කියන්නේ ජීවිතය එතෙර කරවීමට තිබෙන මාර්ගයක්. පැවිදි බවට පත්වෙලා තමන්ගේ ජීවිතය යහපත් අතට පත්කර ගත යුතුයි. කුසල් දහම් රැස්කරගත යුතුයි. පැවිද්ද කියන්නේ සිත සකස් කරගැනීම, සිත මනා ලෙස පාලනය කර ගැනීම. ශාසනයට එන්නත් පුළුවන්. ඇවිල්ලා යන්නත් පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ කාලයේ හොරුන් මංකොල්ලකරුවන් පවා පැවිදි වූවා.
නමුත් ඔවුන්ගේ අරමුණු වෙනස්. ඔවුන් පැවිදි වූයේ පටු අරමුණු ඇතිවයි. අපි හිතනවා සනත් ගුණතිලක මහත්තයාගේ සිතුවිල්ල යහපත් අයුරින් පැවිදි වූවානම් පැවිදි බවේ සුවතාව අවබෝධකරගෙන ලෝකයාව යහපත් මාර්ගයක් වෙත ගෙන යන්න කටයුතු කරයි කියලා. එහෙත් පැවිදි වූයේ චිත්‍රපටය රඟපාන්න පුහුණු වන්න නම් එය බරපතළ වැරැද්දක්. භික්‍ෂුවකට රඟපෑම් සිද්ධ කිරීම බරපතළ පාපයක්. ඒ සඳහා කටයුතු කළ අනෙකුත් භික්‍ෂුන් පවා මේ මඟීන් කරලා තිබෙන්නේ බරපතළ වැරැද්දක්.'' යයි වදාරා සිටියහ.
ජාතික හෙළ උරුමයේ නායක පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ද සනත් ගුනතිකල මහතාගේ තාවකාලික මහණකම දැඩිලෙස විවේචනය කර තිබිණ.

No comments:

Post a Comment