HIRU TV

Monday, August 26, 2013

Ravana Balaya demo against Pillay

නවී පිල්ලේට එරෙහි 'රාවණා බලය' විරෝධයක

Ravana Balaya demo against Pillay

 
RawanaBalaya 410px 13 08 26hirunewsඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් නවිනාදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව, අමාත්‍ය විමල් විරවංශ මහතා විසින් මෙහෙයවන 'රාවණා බලය' සංවිධානය අද (26) පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසල රැස් වී විරෝධතාවයක නිරත විය.
විරෝධතාවයට රවණා බලය සංවිධානයේ ස්වාමින්වහන්සේලා සහ එහි ආධාරකරුවන් 75 කට ආසන්න පිරිසක් එක්වී සිටි අතර පොලිස් නිලධාරීන් 150 කට වැඩි පිරිසක් විරෝධතාවය මැඩ පැවැත්වීම සඳහා සහ ආරක්ෂාව සඳහා එක්වී සිටියහ.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදීම සඳහා පැමිණි සංදේශය පොලිස් අවහිරය මත භාරදීමට නොලැබුණ අතර පසුව විරෝධතාකරුවන් සාමකාමී ලෙස විසිර ගියහ.
මේ අතර, දින 7 ක සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට
පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය සිය නිල කටයුතු ආරම්භ කරමින් අද පෙරවරුවේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සමග සාකච්ඡාවක නිරත වුවාය.
එම හමුවෙන් අනතුරුව නවිපිල්ලේ නීතිපතිවරයා හමුවීමටද නියමිතය. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් සිය අමාත්‍යාංශයේදී මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුවය.
2345789101113

No comments:

Post a Comment