hirunewsදිගු කලක් තිස්සේ සිය බිරිඳ බරපතල ලෙස ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනා මත ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සන්ධාන නාගරික මන්ත‍්‍රී ධනුක විශ්වජිත් මහතා පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබිය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, බිරිඳට පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාද ඔහුට එරෙහිව එල්ලවී ඇති බවයි.
තිස් තුන් හැවිරිදි සැකකාර මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැලිකඩ පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
පසුව ඔහුගේ බිරිඳගේ මව විසින් පසුගිය 24 වැනිදා ද, අද පෙරවරුවේ බිරිඳ විසින්ද පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
අද දහවල් සැකකාර
තුන්දරු පියෙකු වූ ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හිංසනයට ලක්වූ මන්ත‍්‍රීවරයාගේ බිරිඳට වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙස පොලීසිය උපදෙස් ලබාදී ඇත.
No comments:
Post a Comment