HIRU TV

Saturday, August 24, 2013

If Sajith becomes leader Dayasiri again in UNP - Harin

සජිත් නායකයා වුනොත් දයාසිරි එජාපයට -හරීන්(Audio)

If Sajith becomes leader Dayasiri again in UNP - Harin

 
Dayasiri J 410px 24-08-13hirunewsසජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමිවූ විටකදී, යළි එක්සත් ජාතික පක්ෂයට එක්වන බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කුරුණෑගල පැවති රැස්වීමකදී අදහස් පළ කළ හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

දයාසිරි මහතා ඔහුගේ කාර්යාලවල නිල්  හා කොළ පාටින්
යුතු කොඩි වලින් සරසා තිබීම සම්බන්ධයෙන් ද  හරින්  ප්‍රනාන්දු මහතා  සැක මතු කළේය.


මේ අතර, දයාසිරි ජයසේකර මහතාට පහර නොගසන ලෙස එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා, හරින් ප්‍රනාන්දු මහතාට තරයේ අවවාද කර ඇත. 

No comments:

Post a Comment