HIRU TV

Saturday, August 3, 2013

K'gala topper Johan - President's astrologer

 

K'gala topper Johan - President's astrologer

jehan 410px 03-08-13hirunewsවයඹ පළාත් සභා මැතිවරණයේදී සියලු අපේක්ෂකයින් අබිබවා වැඩිම මනාප ලබාගන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා බව, තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව ජනාධිපති ජෝතිෂ්‍යවේදි සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේබව ප්‍රකාශ කලේ , ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ  කුරුණෑගල රත්කරව්ව නිවසේ පෙරේදා (01) පස්වරුවේ පැවති ජනහමුව අමතමිනි.
තමාට ජොහාන්ගේ හඳහන ලැබුනේ දින 7කට පෙර බව පැවසු සුමනදාස මහතා, එම හඳහන අනුව ජොහාන් අසලකටවත්
ඒමට වෙනත් කිසිදු අපේක්ෂකයකුට හැකියාවක් නැතිබව කියා සිටියේ ය. පළමු තැන ගන්න ජොහාන් සහ දෙවන තැන ගන්න අපේක්ෂකයා අතර විශාල පරතරයක් තිබෙන බවද ඔහු අවධාරණය කළේය
ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට පවා වසර ගණනාවක් පුරා තමන් පැවසු අනාවැකිය සියයට සියක් නිවැරදි බව පැවසු සුමනදාස මහතා, ජොහාන් සම්බන්ධ අනාවැකිය වැරදුනොත් මින් පසු හඳහන් බැලීම අතහැර දමන බවද කියා සිටියේය.
කෙසේවුවද අප වෙත වාර්තාවන පරිදි, ජොන්ස්ටන් එජාපයෙන් පැමිණි අයකු බව කියමින් ඔහුගේ පුතාට එරෙහිව ශ්‍රී ලනිප ආසන සංවිධායකයින් ගණනාවක්ම 'කැපුවත් නිල් - පාරම්පරික ශ්‍රීලන්කාකාරයින්ට' මනාප දෙන්නයි පක්ෂ අභ්‍යන්තර මෙහෙයුමක් ආරම්භ කර ඇත.
එසේවුවද, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත කුරුණෑගල ශ්‍රීලනිප දිස්ත්‍රීක් නායක එස්.බි. නාවින්න, ජයරත්න හේරත්, සාලින්ද දිසානායක යන අමාත්‍යවරුන් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අනුග්‍රහය දක්වමින් සිටියි.
'කාල්ටන්' රග්බි තරඟාවලිය නිමාවූ වහාම නාමල් රාජපක්ෂ මහතා ද ජොහාන් ගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට එකගත්වය පළකර ඇතැයි වාර්තාවේ.
මේ අතර, දයාසිරි මහතා ශ්‍රී ලනිපයට එක්කර ගැනීමේදී සන්ධාන නායකත්වය විසින් ඔහුට දී ඇතැයි කියන පොරොන්දු ඉටුකර නැතැයි ද ඔහුගේ ආරක්ෂකයින් පවා ඉවත්කර ඇතැයි ද පැවසේ.

No comments:

Post a Comment