
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා විසින් අද පෙරවරුවේ නිකුත්කරනු ලැබූ නිවේදනයක ඒබව සඳහන්වේ.
බොන්නට වතුර ටිකක් ඉල්ලූ ජනතාවට රාජපක්ෂ ආණ්ඩුව උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්නා පමණක් නොව, එයින් මියගිය සංඛ්‍යාව ඇතුළු සිද්ධියේ සත්‍ය තත්ත්වය ජනතාවගෙන් සහ ලෝකයා ගෙන් වසන් කරමින් සිටින බවද මංගල සමරවීර මහතා එම නිවේදනය මගින් කියා සිටියි.
එම නිවේදනය පහත පළවේ.
'' ආණ්ඩුව නිල වශයෙන් නිවේදනය කළ මරණ සංඛ්‍යාව 2 ක් දක්වා ඉහළ නංවමින්, රාජපක්ෂ රෙජීමය ඉකුත්දා යුධ හමුදාව යොදවා වැලිවේරියේදී සිදුකළ සමූහ මිනිස් ඝාතනයේ තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙකු අද (4) උදෑසන ජීවිතය හැර ගියේය.
රජයේ නිල මරණ සංඛ්‍යාව එසේ වුවත්, අද පළවූ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත් පත පෙන්වා දෙන ආකාරටය ඊයේ (3) රාත්‍රී වන විට අමානුෂික ලෙස මෙසේ ඝාතනය වූ සංඛ්‍යාව 6 කි.
ඒ අනුව මේ වන විට 7දෙනෙකු මෙම සිද්ධිය නිසා මිය ගොස් තිබෙන අතර ඒ බව එම ප්‍රදේශයෙන් ලැබෙන ස්වාධීන තොරතුරු වලින්ද තහවුරු වේ.
එහෙත් මේ මිනීමරු ආණ්ඩුව, බොන්නට වතුර ටිකක් ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්නා පමණක් නොව එයින් මියගිය සංඛ්‍යාව ඇතුළු සිද්ධියේ සත්‍ය තත්ත්වය ජනතාවගෙන් සහ ලෝකයාගෙන් වසන් කරමින් සිටී.
එබැවින් මා රාජපක්ෂ රෙජීමයට අවධාරණය කරන්නේ, ජනතාවත්, ලෝකයාත් තව දුරටත් මුලා නොකොට මෙම අමානුෂික සමූහ මිනිස් ඝාතනයෙන් මියගිය ගණන සත්‍යවශයෙන්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
එසේම ආණ්ඩුව තවත් හෙලිකළ යුතු කාරණයක් වන්නේ, සම්පූර්ණයෙන්ම සිවිල් ජන ජීවිතයට අදාළ කාරණයක් වූ මේ සිද්ධියේදී පොලිසිය වෙනුවට ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකට එරෙහි සටනට යවන්නා සේ යුධ හමුදාවේ කොමාන්ඩෝ සෙබළුන් යොදවා ජීව උණ්ඩ වලින් නිරායුධ, අහිංසක මිනිසුන්ට හිතුණු හිතුණු අතේ වෙඩි තබන්නට අණ දුන්නේ කවුද? යන්නයි.
ඒ අණ දුන් බලවතා රාජපක්ෂ අයියාද? නැතිනම් මල්ලීද? යන්න සැක හැර දැන ගැනීමට රතුපස්වල ජනතාව පමණක් නොව මුළු ලෝකයාම බලා සිටින බව මතක් කර දෙනු කැමැත්තෙමි.''
No comments:
Post a Comment