
අද දිනයේ දේශපාලඥයන් කිහිපදෙනෙකුද දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබේ.
මේ අතර, පානීය ජල ගැටලූවකින් නොසන්සුන් වූ වැලිවේරිය රතුපස්වල ප‍්‍රදේශයේ ජල නළ එළීමේ කටයුතු කඩිනම් කිරීමට ගම්පහ ප‍්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.
වැලිවේරිය හමුදා ප්‍රහාරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 56 දෙනෙක් තව දුරටත් ගම්පහ, රාගම, වතුපිටිවල හා ජාතික
රෝහල්වල ප්‍රතිකාර ලබති.
ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කළ පුද්ගලයින් 8 දෙනාගෙන් සිව් දෙනෙක් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 17 ක් මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් පොලිසිය සඳහන් කළේය.
මේ අතර ගම්පහ රෝහලේ වෛද්‍ය අධීකාරි, ජී. එච්. කේ. ධර්මරත්න මහතා සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 25 ක් මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය.
වතුපිටිවල රෝහලේ වෛද්‍ය අධිකාරි සිසිර විජේසුන්දර මහතා සඳහන් කළේ, වැලිවේරිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 6 ක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
No comments:
Post a Comment