HIRU TV

Wednesday, August 21, 2013

School age couple commits suicide

පාසල් පෙම්වතුන් යුවලක් ගෙළ වැලලාගෙන

School age couple commits suicide

 
ellumgaha 410pxhirunewsරුවන්වැල්ල - වැද්දාගල ප්‍රදේශයේ 16 හැවිරිදි පිරිමි ළමයෙක් සහ 14 හැවිරිදි ගැහැණු ළමයෙකු ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් සිය දිවි හානි කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
පිරිමි ළමයා අදාළ දැරියගේ නිවස ආසන්නයේ ගසක එල්ලී සියදිවි හානි කර ගෙන අතර ඉන් කම්පාවට පත්වූ දැරිය නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

දෙමාපියන්ගේ තරවටුකිරීම් නිසා සිත්තැවුලට පත් බාලවයස්කාර පාසල් පෙම්වතුන් දෙදෙනෙකු එසේ සියදිවි හානි කර ගෙන ඇත. වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය
එක ළග පිහිටි නිවාස දෙකක පදිංචිව සිටි මේ දෙදෙනා කාලයක් තිස්සේ රහසේ පෙම් සබඳතාවක් පවත්වා ගොස් ඇති අතර රාත්‍රී කාලයේ නිවෙස්වලින් එළියට පැමිණ මුණගැසී කථාකරමින් සිපගනිමින් සිට යළි නිවසට යාමේ පුරුද්දක් තබාගෙන ගොස් තිබේ.

ඊයේ රාත්‍රීයෙත් මොවුන් මේ ආකාරයට මුණගැසුණ අවස්ථාවේ වැඩිහිටියෙකු එම රහස් හමුවීම දැක ඇති අතර ඔවුන් වෙත ගොස් නිවැසියන් දෙපිරිසම කැඳවා ප්‍රසිද්ධියේ
අවවාද කර ඇත.

 මෙම අවස්ථාවේ බාලවයස්කාරයින් වූ ඔවුන් මෙයින් අතිශය ලැජ්ජාවට පත්වූ බව පැවසේ.

එම සිද්ධියෙන් පසු රාත්‍රියේ වැඩිහිටියන් නින්දට වැටුණ පසු සිද්ධියෙන් ලජ්ජාවට පත්  පෙම්වතා නිවස ආසන්නයේ ගසක එල්ලී සියදිවි හානි කර තිබේ.

 උදෑසන මේ දිවිනසාගැනීම සැලවී පිරිස ඒ වෙත ගොස් සිටි අතර ඔහුගේ පෙම්වතිය අසළ පෙනෙන්නට නැතිවීම නිසා ඇගේ නිවසේ අය ඇය ගැන සොයා බලා තිබේ.

ඔවුන් විස්මයට පත්කරමින් පෙම්වතිය නිවසේ කාමරයක බාල්කයේ එල්ලී දිවිතොරගෙන තිබියදී හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

1 comment:

  1. Moda vadihitiyo awawada kirimak karanne loku kam pennagena namuth hodata api hithanna onea.tharuna ayata awawada karanna kaline.akata sudusu vidiha....mam godak kanagatu wenawa mea siddiya gana.

    ReplyDelete