
දියතලාව ඇල්ලගම පාසල් කන්දේ පදිංචි නලින් ප්‍රියංකර (39) නමැති අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
දියතලාව ඇල්ලගම පාසල් කන්දේ පදිංචි දියතලාව ඇල්ලගම විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලැබූ ඉරේෂිකා මලිනි සත්සරණි (08) නමැති දැරිය මෙම පුද්ගලයා විසින් කෲර ලෙස අතවරයට ලක් කර මරා ඔහුගේ නිවස අසල පිහිටි කුඹුරක පැලක දමා තිබියදී දියතලාව පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.
සිද්ධියෙන් පසු මෙම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබිණි. නමුත් පෙරේදා, රාත්‍රියේ දියතලාව පොලිසියට ලැබුණු තොරතුරක් මත දියතලාව ජයමිණිපුර
බණ්‌ඩාරවෙල පොලිස් අධිකාරී රොෂාන් විඡේසිංහ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී ධම්මික විඡේසිංහ මහත්වරුන්ගේ උපදෙස් පරිදි දියතලාව පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිළිණ හෙට්‌ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බණ්‌ඩාරවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකාර නලීන් ප්‍රියංකර නමැත්තා දියතලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා දියතලාව මූලික රෝහල වෙත රැගෙන යන අයුරු ඡායාරූපයේ දැක්වේ.
No comments:
Post a Comment