HIRU TV

Monday, September 23, 2013

Bhagya's answer on Vimukthi Kumaratunga's politics

විමුක්තිගේ දේශපාලනය ගැන භාග්‍යාගේ පිළිතුර

Bhagya's answer on Vimukthi Kumaratunga's politics

 
BagyaGurusinghe 410px 13 09 23hirunewsජනප්‍රිය යොවුන් නිළියක් වන භාග්‍යා ගුරුසිංහගෙන් ටැබ්ලොයිඩ් අතිරේකයක මාධ්‍යවේදිනියක් දේශපාලන ප්‍රශ්න කිහිපයක් ඇසීමෙන් ඇය විශාල අපහසුතාවයකට පත්වීමේ පුවතක්  වාර්තා වේ.
භාග්‍යාට, දේශපාලනය අරහං බව පැවසෙන අතර අදාල සම්මුඛ සාකච්ඡාවේදී භාග්‍යා ගෙන් ප්‍රශ්න 10ක් අසා තිබේ.
ඉන් ප්‍රශ්න  6ක්ම දේශපාලන ඒවා බව පැවසේ.
එසේ ඇසූ ප්‍රශ්න කිහිපයකට භාග්‍යා දී තිබූ පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය - උතුරු නැගෙනහිර පළාත් දෙක ආපහු එක්කරන්න හදනවා, ඔයා ඒ ගැන මොකද හිතන්නේ.
පිළිතුර - රටක් වශයෙන් අපි එකතුවෙනව නම් හරිම හොදයි.
ප්‍රශ්නය - වැඩිම මනාප ගන්න මහ ඇමති අපේක්ෂකයට
මහ ඇමතිකම නොදෙන එක හරිද ?
පිළිතුර - දේශපාලනික වශයෙන් පිළිතුරු දෙන්න මම අකමැතියි.
ප්‍රශ්නය - විමුක්ති කුමාරතුංග දේශපාලනයට ආවොත් මොනව වෙයිද ?
පිළිතුර - මට ඒ සම්බන්ධයෙන් කිසිම පිළිතුරක් දෙන්න බැහැ. මොකද දේශපාලනික වශයෙන් මම වැඩි දෙයක් දන්නෙ නැහැ.

No comments:

Post a Comment