
‘රටම කැමති මහ ඇමති' යන තේමා පාඨයෙන් යුතුව සැප්තැම්බර් 01 වන දා සිට රට පුරා ජාතික මට්ටමේ දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට දයාසිරි ජයසේකර මහතා සැලසුම් කර තිබුණ ද, එම තේමා පාඨය වෙනස් කරන ලෙස ජනාධිපතිවරයා හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා හරහා දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී තිබු බවට 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය පළකර තිබු වාර්තාවක් සිහිපත් කරමින් ඔහු එබව සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරයෙ හි ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ නියෝජිතයා ලෙස කටයුතු කලේ හිටපු නාවික හමුදාපතිවරයාය.
රටම කැමති නායකයා ජනාධිපතිවරයා හෙයින්
''දයාබරයි ඔබ දයාසිරි' තේමාව යටතේ, දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රචාරක කටයුතු මුල් අදීයර මෙහෙයවනු ලැබුවේ උදය තෙන්නකෝන් මහතාය.
දයාසිරි ජයසේකර මහතාගේ හිතවතකු විසින් ‘රටම දන්න මහ ඇමති' ලෙස ලියා තිබු එම තේමා පාඨය, ‘රටම කැමති මහ ඇමති' ලෙස සංශෝධනය කර තිබුනේ දයාසිරි මහතාගේ විශේෂඥ මෙහෙයුම් කමිටුවයි.
දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් උදය කුමාර තෙන්නකෝන් තේමා ගීතයක් ද (Jingle) සැලසුම් කර තිබු අතර එහි ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය අභිබවා යන හෝ සමානවන ආකාරයේ වචන එකී තේමා ගීතයෙන් ඉවත් කරන ලෙස ද හිටපු නාවික හමුදාපතිවරයා උදය කුමාර තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලා තිබු බවද 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කර තිබිණ.
No comments:
Post a Comment