HIRU TV

Thursday, September 26, 2013

Close call for snake girl

නයි කෙල්ල නූලෙන් බේරෙයි !

Close call for snake girl

 
NiroshaWimalarathna 410px 13 09 26hirunewsබලපත්‍රයක් නොමැතිව නාගයකු ළඟ තබාගෙන සිටි බවට නයි නළගන හෙවත් නිරෝෂා විමලරත්නට එරෙහි නඩුව අද (26) කැදවූ අවස්ථාවේදී ඇය එහි නොසිටීම හේතුවෙන් ඇයට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කළේය.
වරෙන්තු පිට සිටි ඇය ටික වේලාවකට පසුව අධිකරණයේ පෙනී සිටි අතර අය නඩුව නැවත කැදවන ලෙස ඉල්ලා සිටියාය.
නැවත නඩුව කැදවීමෙන් පසුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇගේ චෝදනා පත්‍රයට අත්සන් තැබීය.
ඇගේ නීතීඥයන් ඉල්ලා තිබුණේ එම චෝදනා පත්‍රයට අත්සන් නොතබා ඇය මුදා හරින ලෙසයි.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මෙම අවස්ථාවේ එසේ කළ නොහැකි බවයි.
ඉන් පසු සත්ව හිංසනය යටතේ පොලිසිය විසින් ඇයට
එරෙහිව ගොනු කර තිබූ චෝදනා අධිකරණයේ දී කියවා ඇයට පැහැදිලිකර දීමෙන් පසුව තමා නිවැරදි යැයි නිරෝෂා විමලරත්න කියා සිටියාය.
නඩුව ලබන නොවැම්බර 07 වැනිදා විභාග කිරීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා එදිනට සාක්කිකරුවනට අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.
කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ පවත්වාගෙන යනු ලැබූ ක්ලියෝ ප්‍රැට්රා නමැති සමාජ ශාලාව තුළ නයෙකු ළඟ තබාගෙන නළඟනක් සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇය කොටුව අධිකරණයට ඉදිරිපත්කර තිබිනි.
පසුව ඇය ඇපමත මුදාහැර තිබුණු අතර නාගයා දෙහිවල සතුන්වත්ත භාරයට කළේය.

No comments:

Post a Comment