
එක්සත් ජාතික නායක හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වන තුරු මෙම උපවාසය පවත්වන බව පවසමින් පල්ලේපොල පදංචි ආර්.ඞී. රාමනායක සහ තැඹිලිදෙනියේ පදිංචි අජිත් සෙනවිරත්න යන මහත්වරු මෙසේ උපවාසය ආරම්භ කළහ
උපවාසය ආරම්භ කරමින්, ආර්.ඞී. රාමනායක මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට බාරදී ඉවත්වන ලෙසත් රටේ විපක්ෂයක් අවශ්‍ය බවත් මේ නිසා ශක්තිමත් ලෙස පක්ෂය රැකගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවත් මේ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන බවය.
තැඹිලිදෙණියේ පදිංචි අජිත් සෙනවිරත්න
කෙසේවුවද, එම ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු මාතලේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි අසිත සේනාරත්න මහතා, පක්ෂයේ ඉහළපෙළේ නායකයින් හා මාතලේ දිස්ත‍්‍රික් නායකත්වය සමග උපවාසකරුවන්ට සකාච්ඡුා කිරිමට අවස්ථාව සලසා දෙන බවට දුන් පොරොන්දුව මත උපවාසය අත්හැර තිබේ.
සාධාරණයක් ඉටු නොවුණහොත් නැවත මෙම උපවාසය ආරම්භ කරන බවද උපවාසකරුවන් එහිදී පවසා තිබිණ.
No comments:
Post a Comment