HIRU TV

Thursday, September 19, 2013

Hot News For Kurunagala

වයඹ මැතිවරණ ප්‍රචණ්ඩත්වය උත්සන්න වේ

Hot News For Kurunagala 
 
kurunegala 410px 19-09-13hirunewsමැතිවරණ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් අවසන්වීමත් සමග ප්‍රචණ්ඩත්වයක් වර්ධනය වී ඇති බව 'කැෆේ' සංවිධානය පවසයි.
උතුරු මධ්‍යම සහ ඌව පලාත් සභාවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ලබාදී තිබු අවසරය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.  මේ අකාරයට නිල වශයෙන් ප්‍රචාරක කටයුතු නිමවීමෙන් පසු ප්‍රචණ්ඩ කටයුතු ආරම්භ වී තිබේ.

 කුරුණෑගල කුඹුක්ගැටේ  නිකගොල්ල ප‍්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයින් හය දෙනෙකුගේ නිවාස වලට අද ( 19  ) අළුයම එල්ල වූ මැර ප‍්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු  රෝහල් ගත කර තිබේ.

අද අළුයම 2.30 ට පමණ නිකගොල්ල ප‍්‍රදේශයට වාහන පහලොවකින් පමණ පැමිණි 40 කට අධික මැර පිරිසක්තම නිවාස වලට දොරවල් කඩා බලහත්කාරයෙන් ඇතුළු වී මෙලෙස පහර දුන් බව ප‍්‍රදේශවාසීහු පවසති.

 මැර ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ වයඹ පළාත් සභා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක  ජේ. සී . අලවතුවල මහතාගේ ආධාරකරුවන් පිරිසකගේ නිවාස වලට වන අතර, ප‍්‍රහාරයෙන් ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ  විපක්ෂ මන්ත‍්‍රී රුවන් සංජීව මහතාගේ  නිවස ඇතුළු නිවාස හයකට බරපතල
හානි සිදු වී තිබේ.

 මැර පිරිස විසින් මෙම නිවාස වල දොර ජනෙල් වලට යකඩ පොලූ වලින් පහර දී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබූ අතර ඇතැම් නිවාස වල තිබූ  රූපවාහිනී යන්ත‍්‍ර, පරිගණක ඇතුළු විදුලි උපකරණ රැසකටද පහර දී විනාශ කර තිබෙනු දැක ගත හැකි විය.

එක් නිවසකට අත් බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ල  කර ඇති අතර පුපුරා නොගිය අත් බෝම්බය ගෙමිදුලෙහි වැටී තිබිනි. මැර පිරිස විසින් තම නිවාස වලට පහර දෙද්දී තමන් නිවෙස් වලින් පලා ගොස් දිවි ගලවා ගත් බවත් ඔවුන්ට හසු වූ දෙදෙනෙකුට අමානුෂික අයුරින් පහර දුන්  බවත් ප‍්‍රහාරයට ලක් වූවෝ කියති.
 තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට කුරුණෑගල සහ ගොකරැල්ල රෝහල් වල නේවාසිකව ප‍්‍රතිකාර ලබති.

 ඊට අදාල ඡායාරූප කිහිපයක් 'කැෆේ' සංවිධානය විසින් මාධ්‍යට යොමුකර තිබේ
kurunagala 1kurunagala 2kurunagala 3b

No comments:

Post a Comment