
මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පිළිබදව විවිධ අපේක්ෂකයින් අදහස් ප්‍රකාශ කොට ඇති බවත්, ඒ අනුව ඡන්ද ගණන් කිරීම පිළිබද ජනතාව තුල විශ්වාසය තහවුරු කිරීම අතිශයින් වැදගත්වේ යැයි 'කැෆේ' සංවිධානයේ ලිපියේ සදහන් වේ.
'කොම්පියුටර් ජිල්මාට්' ගැන කියන්නට ලබා දිය හැකි හොදම පිළිතුර අවබෝධයක් ඇති පිරිසකට ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණයට අවසර ලබාදීම පමණයි යැයි ද එම ලිපියේ සඳහන්වේ.
මැතිවරණ ක්‍රමයේ පහතම රාජ්‍යයන් ලෙස සැලකෙන ස්වාසිලන්තය හා බෙලරෑස් පවා ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව කැෆේ සංවිධානය
උතුරු පළාත් සභා මැතිවරණය සදහා යොමු කිරීමට නියමිත විශේෂ ජංගම නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහන අමතමින් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා පැවසූවේ, ලොව දියුණු මැතිවරණ සංස්කෘතියක් පවත්නා රටවල මැතිවරණ ක්‍රියාවලියේ සෑම අංගයක්ම නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ නිරීෂක්ෂකයින්ට අවස්ථාව සලසා දී ඇති බවයි.
'' පූර්ව මැතිවරණ සමය, මැතිවරණ දිනය තරමටම ඡන්දය ගණන් කිරීම නිරීක්ෂණයත් ඉතා වැදගත්. නමුත්, අපේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රමය පිළිබද කිසිදු නිරීක්ෂණයක් කිරීමට මැතිවරණ නිරීක්ෂකයින්ට අවස්ථාව මේ දක්වා ලැබී නෑ. අපි දැඩිව විශ්වාස කරනවා ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලියේ දී විනිවිද භාවය ඔප්පු කිරිම සදහා මැතිවරණ කොමසාරිස්වරයා කැෆේ සංවිධානයේ ඉල්ලීමට අවස්ථාවක් ලබා දෙයි කියලා.
ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සදහා තෝරාගත් පිරිසකට මාර්ගෝපදේශ ලබා දෙන්නට කැෆේ සංවිධානය කටයුතු කරන්නේ ඒ නිසයි.
ලෝකයේ වැඩිම කලක් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම පිළිබද ලංකාව පූර්වාදර්ශ සපයා තිබෙනවා. නමුත් අපිට පසුව සර්වජන ඡන්ද බලය ලබාගත් රාජ්‍යයන් පවා ඡන්දය ගණන් කිරිම නිරීක්ෂණයට අවස්ථාව සලසා දී තිබෙනවා. මැතිවරණ ක්‍රමයේ පහතම රාජ්‍යයන් ලෙස සැලකෙන ස්වාසිලන්තය හා බෙලරෑස් පවා එයට අවස්ථාව ලබා දෙනවා. සෝවියට් දේශයෙන් බිදී ගිය රාජ්‍යයන් පවා එම අවස්ථාව ලබා දී තිබෙනවා.
මැතිවරණයක නිදහස් බව සාධාරණ බව තීරණය වන්නේ වචන වලින් හෝ ලියවිලි හෝ නීති රෙගුලාසි වලින් නොවෙයි. විනිවිද භාවයකින් කටයුතු කිරීම තුල පමණයි. ඡන්දය ගණන් කිරීම විනිවිද භාවයකින් සිදු විය යුතුයි. අනුරාධපුර, කුරුණෑගල, මාතලේ ගණන් කිරීමේ මධ්‍යස්ථානයන් හි මෙයට පෙර සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවන්නට ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණයට අවස්ථාව සලසා දීම උපකාරයක් වේවි '' යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
No comments:
Post a Comment