HIRU TV

Thursday, September 19, 2013

SL Army officer in Haiti accused of rape

හයිටි ගිය හමුදා නිලධාරියකුට ස්ත්‍රී දුෂණ චෝදනාවක්

SL Army officer in Haiti accused of rape

 
Haiti repe 410px 19-09-13hirunewsහයිටි රාජ්‍ය තුල සේවයේ යෙදී සිටින සාමසාධක හමුදාවන්ට අයත් ශ්‍රී ලංකික හමුදා නිලධාරියකුට එරෙහිව ස්ත්‍රී දුෂණ චෝදනාවක් යටතේ පරීක්ෂණ ආරම්භවී ඇත.
හයිටි පොලිසිය පවසන අන්දමට 18 හැවිරිදි තරුණියකු මෙසේ දුෂණයට ලක්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් කළ බවට වාර්තා වන ලිංගික අතවර කිරීම් අතර මෙය අලුත්ම සිදුවීමයි.

හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ප්‍රකාශිකා සොෂි බුතදොලකොව් 'බිබිසි සංදේශයට' පැවසුවේ එවැනි චෝදනාවක් පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති අතර දැනටමත් පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

ලිංගික අතවර පිළිබඳව සිය සංවිධානය ඉතා දැඩි ලෙස ක්‍රියාකරන්නේ
යයිද එම ප්‍රකාශිකාව අවධාරණය කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙරෙණ පරීක්ෂණයට අමතරව ශ්‍රී ලංකා හමුදාව විසින් ද වෙනම පරීක්ෂණයක් ක් අරඹා ඇති බව යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරිය මහතා පැවසුවේය.

මෙවන් සිදුවීමක් පිලිබඳ නිල දැනුම් දීමක් තමාවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙතෙක් සිදුකරනැති අතර හයිටියේ සිටින හමුදා බලධාරීන් විසින් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරන බවද හමුදා ප්‍රකාශකයා අවධාරණය කර සිටියේය.

No comments:

Post a Comment