HIRU TV

Thursday, September 19, 2013

W" against rape

ස්ත්‍රී දූෂණයට එරෙහිව 'W' තිරයට !

W" against rape

 
W 410px 19 09 13hirunewsස්ත්‍රී හිංසනයට හා දූෂණයට එරෙහිව නව ආරක බොලිවුඩ් චිත්‍රපටයක් මේවසරේදී ඉන්දීය සිනමා හල්වලට එක්වීමට නියමිත බව ඉන්දීය ආරංචි මාර්ගවලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
එය 'W' ලෙස නම්කර ඇති අතර එය තරුන් මදන් චොප්රාගේ අධ්‍යක්ෂණයකි.
'W' කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයට එරෙහි නිර්මාණයකි.
එසේම මනුෂ්‍යාත්මයේ ඉවසීම පිළිබදව කථාකරන නිර්මාණයක් වන අතර ලොව පුරා කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමේ පුරෝ කථනයක් බවද පැවසේ.
මෙහි දී අධ්‍යක්ෂවරයා විසින් අපරාධකරු හා චූදිතයාගේ ආත්මය ඉන්දීය සම්ප්‍රදාය හා නවීනත්වය අතර සිදුවන ඝට්ඨනය විදහා දක්වා තිබේ.
මෙය කුතුහලය දැනවෙන, නාට්‍යමය, සංගීතමය හා ථාත්වික සිනමා පටයකි.
මෙය ඩබූ මලික් හා තරුන් මදන් චොප්රාගේ පිටපතකි.
ලෙස්ලි ත්‍රිපති, ලීසා මංගලදාස්, සොනලේ ගානි
, රාජා අරෝරා, අබේ අට්රි හා දිනේෂ් පන්ඩෝර් මෙම සිනමා පටයට රංගනයෙන් දායක වෙති.
මෙහි රුහී ලෙස චරිත මවන ලෙස්ලි ත්‍රිපති, ඉංග්‍රීසි මහාචාර්යවරයෙකු හා කිවියකුවන සයිලෙන්ද්‍ර නාරායන් ත්‍රිපතිගේ (Prof.Sailendra Narayan Tripathy) දියණියකි.
ඔහු පොසි ඉන්දියා ඉන්ටර්නැෂනල් ( Poesie India International) හි කතුවරයාය.
මෙය ශිවන් සේගල් හා එස්.සීත සේගල්ගේ නිෂ්පාදනයකි.
ලෙගසි චිත්‍රපට නිෂ්පාදන සමාගමේ (Legacy Film Productions LLP) චිත්‍රාගාර තුළ මේ චිත්‍රපටයේ මූලික නිෂ්පාදන කටයුතු සිදුකර තිබේ.
W 600px 19 09 13 001
W 600px 19 09 13 003
W 600px 19 09 13 005
W 600px 19 09 13 004
W 600px 19 09 13 002
W 600px 19 09 13 009
W 600px 19 09 13 010
W 600px 19 09 13 008
W 600px 19 09 13 007
W 600px 19 09 13 006
W 600px 19 09 13 011

No comments:

Post a Comment